Colombo Today Local News

දරුණු ආර්ථික අවපාතය ගොඩ දාන්න ශ්‍රී ලංකාවේ වේගය මදි – ඉන්දිය විදේශ ඇමති

ශ්‍රී ලංකාව මුහුණ පා ඇති දරුණු ආර්ථික අවපාතයෙන් ගොඩ ඒමට අසාමාන්‍ය වේගයකින් ක්‍රියා කළ යුතු බව ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්.ජයශංකර් මහතා දිවයිනෙන් පිටත්ව යාමට පෙර මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කළේ ය.

ශ්‍රී ලංකාව වත්මන් අර්බුදයෙන් ගොඩ ඒම කාලානුරූපීව සිදුවිය හැකි බව ඉන්දීය විදේශ අමාත්‍යවරයා පැවසුවේය.

දැනටමත් ශ්‍රී ලංකාව මේ අර්බුදයෙන් ගොඩ ඒම සඳහා වැඩ කරන්නේ සාමාන්‍ය වේගයෙන් බව ප්‍රකාශ කළ ඉන්දීය විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ, ඊට වඩා අසාමාන්‍ය වේගයකින් ක්‍රියා කළ යුතු බවයි.

අත්‍යවශ්‍ය ආනයන සඳහා මෑතක දී ලබාදුන් ඩොලර් බිලියනයක ඉන්දියානු ණය පහසුකම වහා ක්‍රියාත්මක කරන බවට ද ජයශංකර් මහතා පොරොන්දු විය.

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය පදනම් වී ඇත්තේ අන්තර් රාජ්‍ය අවබෝධය මත තව ද ඉන්දීය විදේශ ඇමතිවරයා පැවසී ය.

Related posts

උතුරට වෙනම එකක් ඉල්ලන යෝජනාව විග්නේශ්වරන්, කතානායකට බාර දෙයි

colombotoday

පොලිස් තේමා ගීතය දෙමළ බසින් එළිදකී

colombotoday

රාජ්‍ය මාධ්‍යයෙන් ඉස්ලාම් අන්තවාදය වපුරන බව ඇමතිත් පිළිගනී !

colombotoday

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය නගා සිටුවීමට ණය ඇපකර ලබාදීම වසර අවසානයේ…

Admin

හාමුදුරුවරුන්ගේ කහ කුඩ, හමුදා ඇදුම්, ඇමෝනියා ඇතුළු සැක බඩු තොගයක් පන්නල ඇලබඩගම මුස්ලිම් ගම්මානයෙන් අල්ලයි…

colombotoday

මධ්‍යම පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව නවතී

Admin