World

රුවුල නැතිනම් රැකියාවෙන් දොට්ට

මුහුණ පුරා රුවුල වවා නොමැති රජයේ සේවකයන් සේවයෙන් නෙරපා දැමීමට, ඇෆ්ගන් තලේබාන් රජය තීරණය කර තිබේ.

ෂරියා නීතිය අනුව, මුහුණ පුරා රුවුල වවා තිබිය යුතු බව තලේබාන් රජයේ ‘ශීල ප්‍රචාරණය සහ දුර්ගුණ වැලැක්වීම පිළිබඳ අමත්‍යාංශය’ මීට පෙර අවස්ථා ගණනාවකදී ඇෆ්ගන් රාජ්‍ය සේවකයන්ට දැනුම් දී තිබුණි.

ශීල ප්‍රචාරණය සහ දුර්ගුණ වැලැක්වීම පිළිබඳ අමත්‍යාංශය’ යනු ඇෆ්ගන් වැසියන් තුළ ආගමික ගෞරවය ස්ථාපිත කිරීමටත් යහපත් ශිෂ්ට සමාජයක් බිහි කිරීමටත් ස්ථාපිත කළ අමත්‍යාංශයක් බව තලේබාන් රජය පැහැදිලි කර තිබේ.

ඊයේ (28)දින සිට කාබුල් අගනුවර අමත්‍යංශවල රාජ්‍ය සේවකයන් රුවුල වවා තිබෙනවාද නැද්ද යන්න සෙවීමට නිලධාරීන් කණ්ඩායම් යෙදවූ බව ද වාර්තා වේ.

Related posts

තලේබාන් රජය ඇෆ්ගනිස්ථාන කි‍්‍රකට් පාලක මණ්ඩලයේ ප‍්‍රධාන විධායක නිලධාරීයා නෙරපති

colombotoday

අධිකරණයකදී විනිසුරුවරියකට අමානුෂික පහරදීමක්

Admin

රුසියාවෙන් තෙල් – ගෑස් ආනයනය නවත්වයි

colombotoday

තායිලන්තයේ දිනක් තුළ කොරෝනා රෝගීන් 188ක්

colombotoday

බෙල්ජියමේ මුස්ලිම් විරෝධය දරුණු වෙයි.. මුස්ලිම් කතක් හිතාමතාම හප්පා පොලිසියටත් කොකා පෙන්වා රියදුරු පනී (Video)

colombotoday

ලිබියාවේ ගැටුම්වලින් පුද්ගලයන් 55ක් මරුට

Admin