Colombo Today Local News

ඉන්ධන නැතිව පිරවුම්හල් වහලා බලශක්ති ඇමති තෙල් තියනවලු

අලුත් අවුරුදු සමය වන විට කිසිදු ගැටලුවකින් තොරව ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සිදුකරන බව බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසයි.

අමාත්‍යවරයා පවසන්නේ, මේ වන විටත් ඇතැම් ඉන්ධන පිරවුම්හල් වෙත යොමුකරන ඉන්ධන බවුසර් නැවත හරවා එවන තත්වයක් උද්ගත වී ඇති බවය.

වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,

“පිරවුම්හලක සාමාන්‍යයෙන් දවස් එකහමාරක් දෙකකට විකුණපු තෙල් බවුසරයක් දැන් යනකොට පැය 10න් – 15න් අවසන් වෙනවා. අදත් උදේ 6 ඉඳලා ඒ බෙඳුම් කටයුතු කරගෙන යනවා. ඒ කටයුත්ත කරගෙන යනකොට අපි තීන්දුවක් අරගත්තා කොළඹ නගරයට හැමදාම උදේට සෑම ෂෙඩ් එකකටම ඩීසල් බවුසරයකුයි පෙට්‍රල් බවුසරයකුයි අරින්න. ඒ වගේම හැන්දෑවේ 2 – 3 වෙද්දි තව පාරක් ඒකට අරින්න. දැන් මට උදේ කතා කරාම සමහර තැන්වලින් තෙල් රිටන්වෙලා ඇවිල්ලා තියෙනවා තෙල් ගබඩාවල තියෙනවා. ඒ වගේම ඊයේ රාත්‍රියේ පෙට්‍රල් නෞකාවක් මුතුරාජවෙලට බානවා. ඒ එක්කම තව ඩීසල් නැවක් ඇවිත් තියෙනවා ඒක හවසට කොළොන්නාවට බාන්න පුළුවන්. එතකොට සිංහල අවුරුද්ද වෙද්දි අවශ්‍ය තෙල් ප්‍රමාණය තියෙනවා.”

කෙසේවෙතත් අද දිනයේත් දිවයිනේ ප්‍රදේශ රැසක ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් දක්නට ලැබුණි.

ඉන්ධන නොමැති බව සඳහන් කරමින් අදත් ප්‍රදේශ රැසක ඉන්ධන පිරවුම්හල් වසා දමා තිබෙන ආකාරය දක්නට ලැබුණි.

ඒ අතර කොළඹින් බැහැර දුර පළාත්වල ඇතැම් පිරවුම්හල් අසල තවදුරටත් දිගු පෝලිම් මෙලෙස දක්නට ලැබුණි.

Related posts

පාර්ලිමේන්තුවේ ආරක්ෂාව තර කෙරේ… 1500ක බළ ඇණියක් කැදවයි….

colombotoday

දුම්රිය වර්ජනය අවසන්

Admin

ගිරිතලේ බුද්ධි කඳවුරට සීල් තබයි! ත්‍රස්තවාදී ඔත්තුකරුවකු වෙනුවෙන් හමුදා කඳවුරක් සීල් තැබූ ඉතිහාසයේ ප්‍රථම වතාවයි

colombotoday

යාපනය විශ්ව විද්‍යාලයේ සිංහල සිසුන්ට ජාතිවාදී ප්‍රහාරයක්, පාලනාධිකාරිය නිහඩයි.. සිසුන්ගේ ජීවිත අනතුරේ !

colombotoday

අද දුම්රිය ගමන්වාර 6ක් අවලංගුයි

colombotoday

අගමැති මහින්දට චීනයෙන් සුබ පැතුම්

colombotoday