Colombo Today Local News

ජිවිත තුනක් අළුකළ කටුගස්තොට නිවසට ගිනිතැබුවේ කව්ද? පිළිස්නු මව හෙළිකරයි

පෞද්ගලික ආරවුලක් හේතුවෙන් සිදු කළ ගිනි තැබීමකින් කටුගස්තොට මැණික්කුඹුර නිවසක තිදෙනෙකු මියගොස් ඇති බවට පොලිසිය සැක කරයි.

පිටස්තර පුද්ගලයෙකු නිවසේ පිළිස්සී මියයාම හා තවත් සැක සහිත අවස්ථා කිහිපයක් ඔස්සේ පරීක්ෂණ ක්‍රියාත්මක බව එම උසස් පොලිස් නිලධාරියා ප්‍රකාශ කළේ ය.

අදාළ පුද්ගලයා විසින් අද අලුයම නිවසට ගිනි තැබීමෙන් එහි සිටි දියණිය, පියා සහ අදළ පුද්ගලයා ද මිය යන්නට ඇතැයි, පොලිසිය සැක පළ කරයි.

ගින්නෙන් 71 හැවිරිදි ඊශ්වරි දේවන් පියා, 30 හැවිරිදි චන්ද්‍රවදනි දියණිය සහ දියණියගේ පෙම්වතා බව කියන පුද්ගලයා ද මිය ගියේ ය.

එම නිවසේ සිටි රාණිවේලු රාජු නමැති 66 හැවිරිදි මව පිළිස්සුම් තුවාල ලබා මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

පොලිසිය සඳහන් කළේ, මියගිය 30 හැවිරිදි දියණියගේ පෙම්වතා එම ගිනිතැබීම කළ බවට පිළිස්සුම් තුවාල ලබා රෝහල්ගතව සිටින මව පොලිසියට ප්‍රකාශයක් ලබාදී ඇති බවයි.

Related posts

2019 අය-වැය ලේඛනය නොවැම්බර් 8 පාර්ලිමේන්තුවට

colombotoday

ජාතික ඖෂධ ප්‍රතිපත්තිය සංශෝධනය කරන්න අමාත්‍ය මණ්ඩල අනුමැතිය

Admin

අලුත් දීගයක සාකච්ඡා සාර්ථකයි

colombotoday

ව්‍යවස්ථාව ගේන්නෙත් යුද අපරාධ චෝදනා කරන පිරිසමයි.. ජනමතවිචාරණයක් තිබ්බොත් පරාදයි

colombotoday

ඥානසාර හිමිට එරෙහි දෙමල සන්ධාන නඩුව පෙබරවාරි 17ට කල් යයි.

colombotoday

වරාය වෘත්තීය සමිති එකමුතුව අඛණ්ඩ සත්‍යග්‍රහයක

colombotoday