Colombo Today Local News

චීනයෙන් ඩොලර් බිලියක ණයක් ඉල්ලයි

ශී‍්‍ර ලංකාව චීනයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 01ක ණය මුදලක් සහ ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5ක චීන ණය සහන යෝජනා ක‍්‍රමයක් ලබාගැනීම සඳහා ඉල්ලීමක් කර ඇතැයි ශී‍්‍ර ලංකාවේ චීන තානාපති චී ෂෙන් හොන් මහතා පවසයි.

ශී‍්‍ර ලංකා රජයේ මෙම ඉල්ලීම සම්බන්ධව මේ වනවිට චීන රජය අවධානය යොමුකර ඇතැයි පැවසූ ඒ මහතා චීනය ශී‍්‍ර ලංකාවට සහාය දක්වන දිගුකාලීන මිත‍්‍ර රටක් බවද සඳහන් කරයි.

චීන තානාපතිවරයා මේ බැව් පැවසුවේ ඊයේ (21)දින කොළඹ පැවැති මාධ්‍ය හමුවකදීය. මෙම ණය මුදල ලබාදෙන දින වකවානු සහ චීන ණය සහන යෝජනා ක‍්‍රමය යටතේ මිලදී ගත හැකි භාණ්ඩ සම්බන්ධව චීන තානාපතිවරයාගෙන් මාධ්‍ය විමසූවිට පැවසුවේ ඒ සම්බන්ධව සාකච්ඡුා පැවැත්වෙන බවයි.

වර්තමානයේ ශී‍්‍ර ලංකාව මුහුණදී ඇති ආර්ථික අර්බුදය හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීම ගැන චීනයේ අදහස කුමක් දැයි මෙහිදී මාධ්‍ය විමසූ විට තානාපතිවරයා පැවසුවේ එය ශී‍්‍ර ලංකා රජයේ තීරණයක් බවය. ශී‍්‍ර ලංකාවට ආධාර ලබාදීමේදී චීනය කිසිදු කොන්දේසියක් පනවා නැතැයි ද ඉදිරියේදී දෙරට අතර අත්සන් කිරීමට නියමිත නිදහස් වෙළෙඳ ගිවිසුම් සඳහා ද කිසිදු කොන්දේසියක් පනවන්නේ නැතැයි ද මෙහිදී චීන තානාපතිවරයා සඳහන් කරයි.

Related posts

අගමැතිට එරෙහි විශ්වාස භංගයට කිසිම එජාප මන්ත්‍රීවරයෙකුගේ සහය හිමිවන්නේ නෑ – රවී කරුණානායක

colombotoday

හෙට පාර්ලිමේන්තු සංකිර්ණයට රැගෙන එන තොන්ඩමන්ගේ දේහය

colombotoday

බැදුම්කර වංචාවට වසර දෙකයි.. රටට පාඩුව ට්‍රිලියනයයි (Video)

colombotoday

ෂෙයික් අබ්දුල් කලීඩ්ගේ ඩයලොග් සමාගමේ ගසා කෑම – ඩෑන් ප්‍රියසාද්

colombotoday

ජංගම එන්නත්කරණ සේවාවක් කඩිනමින් අරඹන්නට ජනපතිගෙන් උපදෙස්

colombotoday

මහින්ද නෙළුම් කුළුණ, නෙළුම් පොකුණ හැදුවේ ශ්‍රීලනිප ය නැති කිරීමටයි.. මට එය තේරෙන්නේ දැනුයි

colombotoday