Colombo Today Local News

ලොරි රථයක ගැටී රුසියානු කාන්තාවක් මරුට

ගාල්ල – මාතර මාර්ගයේ අහංගම ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් රුසියානු ජාතික කාන්තාවක් මියගොස් තිබේ.

ඊයේ (20) සවස් කාලයේදී එම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.

මාතර දෙස සිට ගාල්ල දෙසට ධාවනය වූ යතුරුපැදියක් ඉදිරියෙන් ගමන්ගත් ලොරි රථයකට ඉස්සර කිරීමට යාමේදී එම ලොරි රථයේ ගැටී අදාළ අනතුර සිදුව තිබුණි.

එම අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරපැදියේ පැදිකාරිය එම ස්ථානයේදීම මියගොස් ඇත.

එලෙස මියගොස් ඇත්තේ, 38 හැවිරිදි රුසියානු ජාතික කාන්තාවකි.

ලොරි රථ රියදුරගේ අපරික්ෂාකාරී හා නොසැලකිලිමත් රිය ධාවනය හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් ලොරි රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර අහංගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

හදිසි අනතුරක්.. නාමල් රෝහල්ගත කරයි

colombotoday

කුණු බිත්තර ගැසූ පාසලේ විදුහල්පතිනියගේ දුරකතනයෙන් ලැබුණු පිළිතුරු – Voice

colombotoday

එල්ටීටීඊය ප්‍රතිසංවිධානය කල පුද්ගලයෙකු අත්අඩංගුවට

colombotoday

බිඳවැටී ඇති ආර්ථීකය ගොඩනගන්න පුළුවන් UNPයට පමණක් බව රනිල් කියයි

colombotoday

පාර්ලිමේන්තුවේ ආරක්ෂාව යුද හමුදාව යටතට

colombotoday

සූදු ක්‍රීඩාවේ යෙදුණු පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

colombotoday