Colombo Today Local News

ගෘහස්ථ ගෑස් සිලින්ඩර වෙළෙඳපොළට නිකුත් කිරීම නවතයි

ගෘහස්ථ ගෑස් සිලින්ඩර වෙළෙඳපොළට නිකුත් කිරීම අද (16)දිනයේ සිට තාවකාලිකව නතර කිරීමට සිදුවන බව ලිට්‍රෝ ගෑස් සමාගම කියයි.

ලිට්‍රෝ ගෑස් සමාගමේ කෙරවලපිටියේ අංගණයේ තිබූ ගෑස් තොග ඊයේ (15)දින පස්වරුව වන විට අවසන් වී තිබුණි. එහෙත් කර්මාන්ත සෞඛ්‍ය ඇතුළු අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ගෑස් නිකුත් කරන බව සමාගම ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකාවට ගෑස් මෙට්‍රික් ටොන් 3500ක් රැගෙන ආ නෞකාවක් මේ වන විට ජාත්‍යන්තර මුහුදු සීමාවේ නතර කර ඇත. සතියකට ආසන්න කාලයක් මෙම නෞකාව නැංගූරම්ලා ඇති අතර ගෑස් ගොඩබෑම සඳහා තොග නිදහස් කර ගැනීමට ඩොලර් නොගෙවීම නිසා මෙම තත්ත්වය උදාවී තිබේ. ගෑස් නැව මුදා ගැනීමට සහ හිඟ මුදල් ගෙවීම සඳහා ඇමරිකා ඩොලර් මිලියන දහයක මුදලක් අවශ්‍ය බව ලිට්‍රෝ ගෑස් සමාගම ශ්‍රී ලංකා මහ බැංකුවට දැනුම් දී ඇත. ඉදිරි මාස දෙකක කාලයක් සඳහා ගෑස් මෙට්‍රික් ටොන් තිස්දාහක් (30,000) ක් පමණ ආනයනය කිරීමට සමාගම සැලසුම් කර තිබේ.

Related posts

සමීක්ෂණ වාර්තා අනුව ඊලග ජනාධිපති මමයි

Admin

දිනේශ් ශාෆ්ටර්ගේ මළ සිරුර ගොඩ ගනී

Admin

පොලිස්පති ගැටලුව ගැන මැතිවරණ කොමිසමෙන් තීරණයක්

Admin

තහනම් ඖෂධ තොගයක් සමඟ පොලිස් සැරයන් අත්අඩංගුවට

Admin

කලබල මැද අතුරුදන් වූවන් පිළිබද පනත සම්මතයි.. පක්ෂව 53යි.. විපක්ෂව 16යි

colombotoday

රාජ්‍ය ආයතන නිලධාරින්ගේ වැටුප් වාර දෙකකට

Admin