Colombo Today Local News

අමාත්‍යාංශ දෙකක විෂය පථය සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක්

අමාත්‍යාංශ දෙකක විෂය පථය සහ කාර්යයන් සංශෝධනය කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තවත් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

කර්මාන්ත අමාත්‍යාංශයේ සහ පරිසර අමාත්‍යාංශයේ සුවිශේෂී ප්‍රමුඛතාවන් මෙයින් සංශෝධනය කර ඇත.

ඒ අනුව, මෙතෙක් කර්මාන්ත අමාත්‍යාංශයට අයත්ව තිබූ “දැනට භූගතව සහ සාගර අභ්‍යන්තරයේ ඇතැයි සැලකෙන ඛනිජ සම්පත් නූතන අධිතාක්ෂණ භාවිතා කර ගවේෂණය කර රටේ නිෂ්පාදන ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට යොදාගැනීම” යන කාර්‍යය පරිසර අමාත්‍යාංශය යටතට පවරා ඇත.

එමෙන්ම කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පැවති ශ්‍රී ලංකා ක්ලයිමේට් ෆන්ට් (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය සහ ලංකා ඛනිජ වැලි සමාගම ද පරිසර අමාත්‍යාංශය යටතට පවරා තිබේ.

Related posts

බණ්ඩාරගම මුස්ලිම් කාන්තාවකට ෂරියා නීතිය යටතේ දඬුවම් කළ පුද්ගලයන් 6 දෙනෙක් රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

colombotoday

“ISIS ගැන අමරිකානු අනතුරු ඇගවීම පිළිබද මම මොකුත් දන්නෑ“ – ආරක්ෂක ලේකම්

colombotoday

ඇමතිධුර හයක් හිස්වෙයි… ඇමති පිරිසක් රට යයි.. කැබිනට් සංශෝධනය කල් යන ලකුණු

colombotoday

පාතාලයා අල්ලපු උප්පැන්නය ලියාගන්න කට්‌ටිය පොරකනවා. – ජනපති කියයි

colombotoday

“බුද්දාගමට මුල්තැන දෙනවානම් ඒ දේශපාලන විසදුම් අපට එපා“ – දෙමළ සන්ධානය

colombotoday

මේ අකෘතඥ ආණ්ඩුව ගැන ජනතාව ඉදිරියේදී කෙසේ ක්‍රියාකරාවිද?

colombotoday