Colombo Today Local News

වාණිජ බැංකුවල ඩොලරයක විකුණුම් මිල 275 යි

එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 275 ක් බව මෙරට බලපත්‍රලාභී වාණිජ බැංකු කිහිපයක් අද (15) දිනයේ දී ප්‍රකාශයට පත් කර තිබේ.

එක්සත් ජනපද ඩොලරයට එරෙහිව රුපියලේ අගය පාවීමට ඉඩ හැරීමත් සමඟම මෙලෙස ඩොලරයේ අගය දිනපතා විචලනය වෙමින් පවතී.

ඒ අනුව අද දිනයේ දී වාණිජ බැංකු කිහිපයක් විසින් ඩොලරයක විකුණුම් මිල දක්වා තිබුණේ පහත ආකාරයටය.

*සම්පත් බැංකුව හා NTB බැංකුව – රු. 275.00

*ලංකා බැංකුව – රු. 270.00

*මහජන බැංකුව – රු. 269.99

*කොමර්ෂල් බැංකුව – රු. 265.00

*සෙලාන් බැංකුව – රු. 265.00

*DFCC – රු. 284.00

ඊයේ දිනයේදී ඩොලරයක විකුණුම් මිල රුපියල් 265ක්ව පැවැතුණි. ඒ අනුව ඊයේ හා අද දිනයේදී ඩොලරයේ අගය රුපියල් 15කින් වර්ධනය වී තිබේ.

Related posts

ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ඊ. කුෂාන් කටුනායකදී අත්අඩංගුවේ

Admin

මධුෂ්ගේ පැටිකිරිය DIG ප‍්‍රියන්ත ජයකොඩිගෙන් හෙලි වේ..

colombotoday

බස්නාහිර විශේෂ මෙහෙයුමකින් සැකකරුවන් 1120ක් අත්අඩංගුවේ

colombotoday

colombotoday ෆේස්බුක් අවහිර කරයි..

colombotoday

සැමියා සමග උරණ වී දූවරු සිව්දෙනාටත් වස පොවයි

colombotoday

ඉහළ යන අවන්හල් ආහාර

Admin