Colombo Today Local News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට උපදේශක සභාවේ අනුමැතිය

ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමැතිය හිමිව තිබේ.

විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීම පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණ.

විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් මෙම පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට පෙබරවාරි 10 වැනිදා ඉදිරිපත් කරනු ලැබීය.

ඒ අනුව, ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය ප්‍රකාරව සංශෝධිත පනත් කෙටුම්පතට උපදේශක කාරක සභාවේ එකඟත්වය හිමිවූ අතර එම වාර්තාව පාර්ලිමේන්තුවට ලබන සතියේ ඉදිරිපත් කෙරේ.

පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට දැනටමත් ඇතුළත් කරනු ලැබ ඇත.

මෙම රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මයන්ත දිසානායක, මධුර විතානගේ, (ආචාර්ය) සුරේන් රාඝවන්, (මහාචාර්ය) චරිත හේරත් සහ ඉසුරු දොඩංගොඩ යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී විය.

Related posts

නාමල්ගෙන් චන්ද්‍රිකාට සුබ පැතුම්…

colombotoday

නීතිවිරෝධී ගිනිඅවි සමග දෙදෙනෙක් අල්ලයි

colombotoday

ජනපතිගේ ඉල්ලීමක් අගමැති මහින්ද ඉවත දමයි

colombotoday

ජනපති හා ඒකාබද්ධ විපක්ෂය අතර හදිසි හමුවක් !

colombotoday

හම්බන්තොටට ඇතුළු වූ නැව සම්බන්ධයෙන් නිදහසට කරුණු විමසයි

colombotoday

කාටවත් ජනපතිවරණය දිනන්න ඉඩ තියන්නෑ – 2020ට ජවිපෙනුත් අපේක්ෂකයෙක් !

colombotoday