Colombo Today Local News

විමල්,උදය, වාසු පක්ෂ නායක රැස්වීමටත් නෑ…

අමාත්‍යධුරවලින් ඉවත් කරනු ලැබූ විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන මහත්වරු සහ ඇමති වාසුදේව නානයක්කාර මහතා පාර්ලිමේන්තුවේ අද(9) පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට සහභාගී වී නොමැත.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ කමිටු ශාලා අංක(01) පැවැත්විණි.

විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරු හයදෙනා ද අතුරලියේ රතන හිමියෝ ද, ටිරාන් අලස් ගෙවිඳු කුමාරතුංග,ඒ එල් එම් අතාවුල්ලා යන මහත්වරු ද ඊට සහභාගී වී නැත.

ශ්‍රී ලංකා මහජන පක්ෂයේ අසංක නවරත්න මන්ත්‍රීවරයා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ඊට සහභාගි වී ඇත.

Related posts

මහින්ද අගමැති ලෙස පිළිනොගත්තොත් පාර්ලිමේන්තුවේ ඊළගට කරන දේ ප්‍රසන්න රණවීර කියයි..

colombotoday

“අයිස්’’ විකිණු වැලිකඩ පොලීස් කොස්තාපල්ට වැඩ වරදී

colombotoday

නාරම්මල පොලිස් වෙඩි තැබීමේ සිද්ධිය ගැන පරීක්‍ෂණයට විශේෂ පොලිස් කණ්ඩායමක් යයි

Admin

හිටපු උප සභාපතිවරයෙකුගේ නිවෙස ඉදිරිපිට කතක් ගිනි තබා ගෙන

Admin

මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර කුරණයට අනුව යුක්ති සහගතද?

colombotoday

උතුරු – නැගෙනහිර අද හර්තාල්

Admin