Colombo Today Local News

අමාත්‍යංශයක හා රාජ්‍ය අමාත්‍යංශ 2ක විෂය පථ යළි ගැසට් කෙරේ…

අමාත්‍ය මණ්ඩල සංශෝධනයට අදාළව අමාත්‍යාංශ විෂය පථයන් ගැසට් කෙරේ..

පසුගිය දා සිදු කෙරුණ නව අමාත්‍ය මණ්ඩල සංශෝධනයට අදාළව අමාත්‍යාංශයක හා රාජ්‍ය අමාත්‍යාංශ 2 ක විෂය පථයන් යළි ගැසට් කර තිබේ.

නව ගැසට් නිවේදනයට අනුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වනජීවි දෙපාර්තමේන්තුව, ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය දැව සංස්ථාව වන ජීවි හා වන සම්පත් සංවර්ධන අමාත්‍යාංශට ඇතුළත් කර තිබේ.

එමෙන්ම ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය යටතට රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව, රක්නා ආරක්ෂණ ලංකා සමාගම, ජාතික ආරක්ෂක අරමුදල, රණවිරු සේවා අධිකාරිය හා අපි වෙනුවෙන් අපි අරමුදල ඇතුළත් ය.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව, ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව හා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අයත් වන්නේ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය යටතටයි.

මේ අතර, ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස විශ්‍රාමික මේජර් ජෙනරාල් ඩබ්ලිව්. පී. පාලිත ප්‍රනාන්දු මහතා පත් කර තිබේ.

Related posts

පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න ශ්‍රේෂ්ඨාධිකරණයට

Admin

හදපාන්ගොඩ අභාවප්‍රාප්ත වේ

Admin

කරුණාට ඇප.. රට ගමන් තහනම් !

colombotoday

සෙවණගල සීනි කම්හල ඇමති බදියුදීන් යටතට පවරන්නැයි ඉල්ලයි

colombotoday

ශ්‍රවණාබාධිතයින් 44කට පුහුණු රියැදුරු බලපත්‍ර..

Admin

නිවසක් තුළ අභිරහස් ලෙස මියගිය කාන්තා මළ සිරුරක් – සැමියා අතුරුදන්

Admin