World

යුරෝපයේ විශාලතම සේපෝසේයා න්‍යෂ්ටික බලාගාරයට ප්‍රහාරයක්

යුක්රේනයේ සේපෝසේයා න්‍යෂ්ටික බලාගාරයට රුසියන් හමුදා පහර දී තිබේ. ප්‍රහාරයෙන් පසු බලාගාරයේ ගින්නක් ද හටගෙන ඇත. සේපෝසේයා යනු යුරෝපයේ විශාලතම න්‍යෂ්ටික බලාගාරයයි.

ප්‍රහාරයෙන් බලාගාරයේ හටගත් ගින්න පාලනය කිරීමට නිවා දැමීමටත් ගිනි නිවන භටයන්ට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවුණු බව යුක්රේන මාධ්‍ය වාර්තා පවසයි.

යුක්රේන රජය වෙනුවෙන් රජයේ ප්‍රකාශක අන්ද්‍රේ ටුස් වීඩියෝ පණිවුඩයක් මගින් දන්වා සිටියේ, රුමියන් හමුදා එල්ල කළ ෂෙල් වෙඩි ප්‍රහාරයකින් බලාගාරයට හානි සිදුවී ගින්න හටගත් බවත් බලාගාරයෙන් විකිරණ කාන්දුවක් වීමේ අවදානමක් පවතින බවත්ය.

එසේ විකිරණ කාන්දුක් සිදුවුවහොත් එය දරුණු ඵලවිපාක ගෙනෙනු ඇතැයි බිය පළ කෙරේ. යුක්රේනයේ විදුලි බල නිෂ්පාදනයෙන් සියයට 40 කට දායකත්වය ලබා දෙන්නේ මෙම න්‍යෂ්ටික බලාගාරය යැයි පැවැසෙයි.

මෙම බලාගාරයෙන් විකිරණ කාන්දුවක් සිදුවුවහොත්, එය චර්නෝබිල් බලාගාරයේ විකිරණ කාන්දුවට වඩා හතලිස් ගුණයකින් දරුණු වේවි යැයි විද්‍යාඥයෝ බිය පළ කරති. චර්නෝබිල් න්‍යෂ්ටික බලාගාරය ඇත්තේ යුක්රේනයේය.

1986 වසරේ අත්හදා බැලීමේ කටයුත්තක් සිදුවෙද්දී චර්නෝබිල් බලාගාරයේ න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකය පුපුරා ගියේය. එයින් සිදුවුණු හානිය යුක්රේනයට පමණක් නොව අසල්වැසි යුරෝපා රටවලටත් බලපෑවේය. මේ වනවිට, බෙලරූසය දෙසින් යුක්රේනයට කඩා වැදුණු රුසියන් හමුදා චර්නෝබිල් බලාගාරය අත්පත් කරගෙන ඇතැයි වාර්තා වේ.

Related posts

ජිහාඩ් සාධාරණිකරණය කිරීම හේතුවෙන් මුස්ලිම් ප්‍රකාශන ආයතනය වසා දමයි

colombotoday

කොවිඩ් පැතිර යන සෞදියේ මක්කම හා මදීනා ඇඳිරි නීතිය.

colombotoday

නවදිල්ලියේ වායු දූෂණය මඩින්න කෘත්‍රිම වැසි

Admin

රටවල් රැසකින් රුසියාවට එරෙහිව සම්බාධක පනවයි

colombotoday

ISIS සතු ගුවන් යානා නාශක මිසයිල පද්දතිය විනාශයි – ඉලක්ක 33 කට රුසියානු ප්‍රහාර

colombotoday

IS ත්‍රස්තයෝ ප්‍රංශයේ කිතුණු පල්ලියකට පනී.. පූජකවරයාගේ ගෙල කපා මරයි !

colombotoday