Colombo Today Local News

පොල් තෙල් නිෂ්පාදනාගාරයක් ගිනි බත් වෙයි

බාදුරාගොඩ ගස්පේ පොත්තේවෙල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය පොල් තෙල් නිෂ්පාදනාගාරයක අද (3 ) අලුයම ඇතිවූ හදිසි ගින්නකින් එය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි පල්ලෙවෙල පොලිසිය පවසයි.

දහවල් සිදු කෙරෙන විදුලි කප්පාදුව නිසා සේවක පිරිසක් රැය පුරා පොල් තෙල් නිෂ්පාදන කටයුතුවල හා නඩත්තු කටයුතුවල යෙදී සිටින අවස්ථාවේදී අලුයම හතරට පමණ මෙම සිදු වීම සිදුව තිබේ.

ගින්න සැලවීමත් සමග ක්‍රියාත්මක වූ ප්‍රදේශවාසීහු ගින්න නිවීමට ගත් උත්සාහය අසාර්ථක වීම නිසා කොප්පරා තොගයක් හා යන්ත්‍ර සූත්‍ර කිහිපයක් බේරා ගැනීමට කටයුතු කර අතර එසේ දේපල බේරා ගැනීමට උත්සාහ ගත් කිහිප දෙනෙකු ද සුළු සුළු පිලිස්සුම් තුවාල ලබා ඇත.

කොප්පරා තොගයක්, නිපදවා තිබූ පොල් තෙල් තොගයක් හා පුන්නක්කු තොගය සමග නිෂ්පාදනාගායේ ප්‍රධාන යන්ත්‍රසුත්‍ර දැවී විනාශ වී තිබේ.

පොල්තෙල් ටැංකියද ගින්නට ලක්ව ඇති අතර පොල් තෙල් බැරල් දෙකක් පමණක් බේරාගෙන ඇත. සිදුවී ඇති හානිය රුපියල් කෝටි ගණනක් විය හැකි බව අනුමාන කෙරේ.

අලුයම හතරට පමණ ඇතිවූ ගින්න උදේ හය පමණ වන විටත් නිවා දැමීමට හැකියාවක් නොමැති වීම හේතුවෙන් අනතුරුව එහි පැමිණ ඇති ගම්පහ නගර සභාවේ ගිනි නිවන අංශය ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කර ඇත.

Related posts

මෙවර යල කන්නයේදී 80% ඉක්ම වූ වගා ඉලක්කයක්

colombotoday

දෙසැම්බර් 31ට පෙර හමුදාව භාරයේ පවතින උතුරේ ඉඩම් නිදහස් කරන්නැයි ජනපති නියෝග කරයි

colombotoday

ජනපති රනිල් ඉන්දියාවේ දෙදින නිල සංචාරයක

Admin

පළාත් මායිම් මාර්ග බාධක රාජකාරී ඉහළ නංවන්න, පොලිස් ඇමතිගෙන් උපදෙස්

colombotoday

මහේන්ද්‍රන් මෙරට පුරවැසියෙක් නොවන බැවින් සාක්ෂී දීමට බලකළ නොහැකියි – කොමිසමට දන්වයි

colombotoday

පාස්කු ප්‍රහාරයේ වගකිවයුත්තා ජනපතියි, සියල්ල දැන දැනත් ඔහු ප්‍රහාර වලකන්න කටයුතු කළේ නෑ…

colombotoday