Colombo Today Local News

ප්‍රේමලාල් ජයසේකරගේ මරණ දඬුවම: ඉරණම තීන්දු කෙරෙන අභියාචනා තීන්දුව මාර්තු මස 31

තමන්ට නියම කර ඇති මරණීය දණ්ඩනයෙන් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකු විසින් ඉදිරිපත් කර ඇති අභියාචනා පිළිබඳ විභාගය අවසන් කළ අභියාචනාධිකරණය එහි තීන්දුව මාර්තු මස 31 වනදා ප්‍රකාශයට පත් කරන බව නිවේදනය කර තිබේ.

නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර්. ගුරුසිංහ යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ එම අභියාචනා විභාගය කළ බව වාර්තාකරු පැවසුවේය.

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ එවක විපක්ෂයේ පොදු අපේක්ෂක වශයෙන් ඉදිරිපත් වූ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කහවත්තේ පැවති දේශපාලන රැලියකට වෙඩි තබා පුද්ගලයකු මරා දමා තවත් පුද්ගලයින් දෙදෙනෙකුට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් ප්‍රේමලාල් ජයසේකර, නිලන්ත ජයකොඩි සහ වජිර දර්ශන යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් රත්නපුර මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුණි.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව එම චෝදනාවට වරදකරු කළ ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනාට 2020 වසරේ ජූලි මස 31 වනදා රත්නපුර මහාධිකරණය මඟින් මරණීය දණ්ඩනය නියම කළේය.

තමන්ට එරෙහිව මරණීය දණ්ඩනය නියම කර ඇති ආකාරය නීතියට පටහැනි බවත් එබැවින් එම තීන්දුව අවලංගු කොට තමන්ව සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලමින් ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනාම සිය අභියාචනා මඟින් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබුණි.

Related posts

නිවාස 12ට පැන කොල්ලකෑ මත් ලෝලියා පොලිස් දැලේ

colombotoday

පුත්තලමේ ඝාතනයක්

colombotoday

මහ සෑරදුන් පාමුළ, දුටු ගැමුණු මහ රජුන්ගේ පිළිරුව ඉදිරියේ ජනපති ගෝඨාභය දිවුරුම් දෙයි !

colombotoday

“සම්පූර්ණෙන්ම වැරදියි.. අමණ ක්‍රියාවක්“ අබාධිත රණවිරු ප්‍රහාරය ගැන හිටපු සේනාධිනායකයා කියයි

colombotoday

ජන අරගල ව්‍යාපාරයට ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක්

Admin

9 වැනි පාර්ලිමේන්තුවේ සිව්වන සභා වාරය ලබන 24 වැනිදායින් අවසන්

Admin