Colombo Today Local News

අද විදුලිය කැපෙන හැටි මෙන්න

අද දිනයේත් පැය 02ක විදුලි කප්පාදුවක් සිදුවන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

ඒ අනුව පස්වරු 4.30 ත් රාත්‍රී 10.30 ත් අතර කාලය තුළ A B C කාණ්ඩ යටතේ විදුලි කප්පාදුව සිදුවනු ඇති.

මීට අමතරව දකුණු පළාතට සහ තුල්හිරිය,කෑගල්ල සහ අතුරුගිරිය යන ප්‍රදේශවලටද උදෑසන 8.30ත් 11.30ත් අතර කාලයේ පැය 03 ක විදුලි කප්පාදුවක් සිදුකරන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සඳහන් කරයි.

මෙගාවොට් 541 ක බලාගාර සඳහා ප්‍රමාණවත් ඉන්ධන තොග නොමැතිවීම හේතුවෙන් අද දිනයේ ද විදුලිය කප්පාදු කිරීමට දුලිබල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමෙන් අවසර ඉල්ලා තිබිණ.

මේ අතර පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් මගින් විදුලිය උත්පාදන ව්‍යාපෘති සඳහා ආයෝජන යෝජනා 512 ක් ඉදිරිපත්ව ඇති බව ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කරන්නේ, මේ අතුරින් තෝරාගත් යෝජනා කඩිනමින් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ‍බවයි.

Related posts

චීනය උතුරේ දුපත් තුනක ක්‍රියාත්මක කිරීමට සූදානම් වූ විදුලිය ව්‍යාපෘතිය අත්හිටුවයි

colombotoday

අක්කර 50ක රිලා සිරගෙයක්?

Admin

සමගි ජන බලවේගයේ උද්ඝෝෂණයට පැමිණි නුවරඑළියේ පිරිස ආපසු හරවා යැවේ.

colombotoday

ප්‍රභාකරන් හිටියානම් හොදයි.. උතුරේ අය මා එක්ක කියනවා – රෙජිනෝල්ඩ් කුරේ

colombotoday

බෞද්ධ හා පාලි සරසවියේ ඉගැන්වීම් කටයුතු Online ක්‍රමයට..

Admin

නිරෝධායන නීති කැඩූ 95 ක් අත්අඩංගුවට

colombotoday