Colombo Today Local News

කල් ඉකුත් වූ වී මිලදී ගෙන ගබඩා කෙරු නිලධාරීන් දෙදෙනෙකුගේ සේවය අත්හිටුවයි

කල් ඉකුත්වූ වී මිලදී ගෙන නිකවැරටිය ප්‍රදේශයේ ගබඩා කර තැබීම සම්බන්ධයෙන් වයඹ වැඩබලන ප්‍රාදේශීය කළමනාකාරවරයා සහ සහකාර ප්‍රාදේශීය කළමනාකාරවරියගේ සේවය අත්හිටුවා තිබේ.

වී ගබඩා 2 ක පරණ වී ගබඩා කර ඇති බවට වයඹ ගොවි සංවිධාන නියෝජිතයින්ගෙන් අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට ලද තොරතුරකට අනුව කඩිනම් විමර්ශනයක් ආරම්භ කර තිබූ බව කෘෂිකර්ම අමාත්‍යංශය නිවේදනය කරයි.

අදාළ වී ගබඩා තුළ වී කිලෝග්‍රෑම් ලක්ෂ 15 කට ආසන්න ප්‍රමාණයක් ගබඩා කර ඇති අතර, ඉන් වී කිලෝග්‍රෑම් ලක්ෂ 3කට අධික ප්‍රමාණයක් සත්ත්ව ආහාර සඳහා යොදා ගැනෙන ඉතාමත් පරණ වී බවට කළ විගණන විමර්ශනයේදී අනාවරණ වී තිබේ.

ඒ අනුව අදාළ නිතිවිරෝධී වී මිලදී ගැනීම හා ගබඩා කිරීම සිදු කළ වයඹ වැඩබලන ප්‍රාදේශීය කළමනාකාරවරයා සහ අදාළ ගබඩාව භාරව සිටි සහකාර ප්‍රාදේශීය කළමනාකාරවරියගේ සේවය අත්හිටුවීමට පියවර ගත් බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.

නිකවැරටිය ප්‍රදේශයේ ඇති එම වී ගබඩා දෙක මේ වනවිට විගණන නිලධාරීන් විසින් මුද්‍රා තබා ඇති අතර ඉදිරි විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ද භාර දී තිබේ.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයෙන්ද පරීක්ෂණයක් සිදු කෙරේ.

Related posts

ලංකාවේ කොරෝනා බෝකළේ ගෝටාභය.. කොරෝනා මර්නදය කළේ රතු තරුවෙන් -ටිල්වින්

colombotoday

TNA මන්ත්‍රීලා කෝකිලායි විහාරයට යයි.. ඉඩමේ අයිතිය ගැන විහාරාධිපති හිමිගෙන් ප්‍රශ්න කරයි

colombotoday

ONMAX DT අධ්‍යක්ෂවරුන් 05ක් අත්අඩංගුවට

Admin

තව්හිද් ත්‍රස්තයන් හම්බන්තොටදීත් සන්නද්ධ පුහුණුව ලබලා…

colombotoday

බැදුම්කර චූදිත අගමැතිට ‘ජාතිය අමතන්න‘ සදාචාරාත්මක අයිතියක් නෑ.. සිරස අගමැතිගේ ප්‍රකාශය පතුරු අරී

colombotoday

ආදායම් අඩුයි කොවිඩ් මරණ නොමිලේ ආදාහනය බැහැ

colombotoday