Colombo Today Local News

තවත් පනත් කෙටුම්පත් 5කට කතානායකවරයාගේ සහතිකය

පාර්ලිමේන්තුවේදී පසුගියදා සම්මතවූ තවත් පනත් කෙටුම්පත් පහකට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (17)දින සිය සහතිකය සටහන් කළේය.

කතානායකවරයා මෙසේ සහතිකය සටහන් කර ඇත්තේ අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන), පුද්ගලනාශක බිම්බෝම්බ තහනම් කිරීම, අධිකරණ සංවිධාන (සංශෝධන), සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) සහ පළාත් සභා (මුද්දර ගාස්තු මාරු කිරීමේ) (සංශෝධන) යන පනත් කෙටුම්පත් සදහාය.

පාර්ලිමේන්තුවේදී පසුගිය 9 සහ 10 යන දෙදින මෙම පනත් කෙටුම්පත් සම්මත විය.

මේ අනුව මෙම පනත් කෙටුම්පත් ඊයේ සිට බලාත්මකවූ බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

Related posts

මන්නාරමදී කේරළ ගංජා තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවේ

colombotoday

පෙම්වතා සමග වීඩියෝවක් අන්තර්ජාලයට දැමීම ඉස්ලාම් නීතියට පටහැනියැයි තරුණියක් මරා දමයි

colombotoday

නව කැබිනට් ප්‍රකාශකයෙක් සහ සම කැබිනට් ප්‍රකාශකවරු තිදෙනෙක්

colombotoday

චම්පික ඉන්නේ 2025 ජනාධිපති වෙන්නයි.. විධායකය අහෝසි කරනවාට ඔහු විරුද්ධ ඒකයි – වියන්ගොඩ

colombotoday

ජීවිකාව පිණිස ගණිකා වෘත්තියේ යෙදීම වරදක් නොවේ – අධිකරණ නියෝගයෙන් චූදිත කත නිදහස් !

colombotoday

අගමැතිගේ තීරණය මහබැංකු අධිපති කණපිට හරවයි…

colombotoday