Colombo Today Local News

එළ ගවයන් 21ක් මස්කල දෙදෙනෙක් අත්අඩංගුවට

එළ ගවයන් 21 දෙනකු මරා මස්කර ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක් සමග එහි රියදුරු සහ සහයකයෙකු හොරොව්පොතාන විලේ වැව් බැම්ම අසලදී අද (17) අලුයම අත්අඩංගුවට ගත් බව හොරොව්පොතාන පොලිසිය පවසයි.

ස්ථානීය බුද්ධි අංශ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව අත්අඩංගුවට ගෙන ඇත්තේ නුවර සහ වැල්ලවත්ත යන ප්‍රදේශවල පදිංචි අවුරුදු හතලිස් හය සහ හතලිස්තුන යන වයස් සීමාවල පසුවන සැකකරුවන් දෙදෙනෙකි.

හොරොව්පොතාන තිබිරිඅත්තෑවල ප්‍රදේශයේ කැලෑවක දී මෙම ගවයන් මරා මස්කර දෙමටගොඩ ප්‍රදේශයට ප්‍රවාහනය කරමින් සිටියදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බව පවසන පොලිසිය දීර්ඝ කාලයක සිට මෙම ජාවාරම සිදු කොට ඇති බවට තොරතුරු ලැබී ඇති බව ද කියයි.

අත්අඩංගුවට ගත් මස් වල වටිනාකම රුපියල් ලක්ෂ විස්සකට වැඩි බව වැටලීම සිදුකළ නිලධාරීහූ සදහන් කරයි.

සැකකරුවන් අද(17)දින කැබිතිගොල්ලෑව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණ අතර ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නවීන් ඉන්ද්‍රජිත් දායානන්ද, දූෂණ මර්දන අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක රෝහණ, යන මහත්වරුන්ගේ උපදෙස් මත සැරයන් (59525) නිමල් සිරිසේන, (50749) ධර්මසිරි, කොස්තාපල් (67843) වික්‍රමසිංහ යන නිලධාරීන් වැටලීම සිදු කර ඇත.

Related posts

රන්ජන්ට බන්ධනාගාර නිලධාරීන්ගෙන් අවවාද

colombotoday

“වැඩ කරන අපේ විරුවා” ගීතයේ නිර්මාතෘ ජනතාවගෙන් සමාව ඉල්ලයි

colombotoday

රටපුරා එකවර විදුලිය බිඳවැටීම කඩකප්පල්කාරී වැඩක් – විදුලි ඉංජිනේරුවරු පරීක්ෂණයක් ඉල්ලති

colombotoday

විදුලි කර්මාන්තය ඩීසල් මාෆියාවේ උගලට හසු වෙලා.. මහජන උපයෝගිතා කොමිසම අනුමත කල ගිවිසුම රටට හෙලි කරන්න.

colombotoday

යහපාලන පාර්ලිමේන්තු මංත්‍රී හේෂාන් විතානගේට භාණ්ඩ සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනා.

colombotoday

බඩ ඉරිඟු බීජ මෙට්‍රික් ටොන් 144ක ආධාරයක්

Admin