World

ඇමරිකානු ජනපතිවරණ සටනේ ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරියෙන්

2016 ඇමෙරිකානු ජනාධිපතිවරණයේ පූර්ව ප්‍රතිඵල සංගණනයකට අනුව ප්‍රකට ව්‍යාපාරික ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරියෙන්ම සිටින බව අනාවරණය වී තිබේ.

ජනාධිපතිවරණය ඉලක්ක කරමින් ඇමෙරිකාවම ආවරණය වන පරිදි සිදුකළ සංගණනයකදී මෙම කරුණ අනාවරණය වී ඇති අතර, එහිදී ට්‍රම්ප් 40.6% ක ප්‍රතිශතයක් ලබාගෙන ඉදිරියෙන්ම සිටියි.

පසුගිය සිකුරාදා දිනයේ රොයිටර්-ඉප්සෝස් එක්ව මෙම සංගණනය සිදුකර තිබුණු අතර, එහිදී ඇමෙරිකාව පුරා අහඹු ලෙස තෝරාගත් පුද්ගලයන් 582 දෙනෙකු ඊට යොදාගෙන තිබුණි.

එහිදී, ට්‍රම්ප් සමග මෙවර ජනාධිපතිවරණයට තරග කරන ටෙඩ් ක්‍රෑස් 10.5%ක්, බෙන් කාර්සන් 9.7%ක්, ජෙබ් බුෂ් 9.2% ක් සහ මාර්කෝ රූබියෝ 7.2% ක ප්‍රතිශතයක් ලබා සිටී.

Related posts

කොවිඩ් උපත සෙවීමට ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයෙන් උදව් ඉල්ලයි

colombotoday

මස් – චීස් වලින් පැතිරෙන බැක්ටීරියාවක් ?

Admin

පාකිස්තාන ගුවන් සේවය විකිනීමට සූදානමක්

Admin

ඉන්ධන සහනාධාරය ඉවත්කල කසක්ස්තානයේ ගැටුම් – 164ක් මරුට

colombotoday

ගාසා ප්‍රධාන රෝහල ගැන WHO අනතුරු අඟවයි

Admin

බ්‍රිතාන්‍යයට අලුත් අගමැතිවරයෙක් තෝරා ගැනීම අද

colombotoday