පාසල්වල පළමුවන ශ්‍රේණියේ විෂය මාලාවට ලිංගික අධ්‍යාපනය එක් කරන ලෙස කළ යෝජනාවට අධ්‍යාපන අමාත්‍යාංශයේ එකඟත්වය ලැබී ඇතැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුුවේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපතිනි නාටාශා බාලේන්ද්‍ර මේ බව කියා පැවසුවා.
එහිදී ඇය සඳහන් කලේ ජීවන කුසලතා විෂය යටතේ ලිංගික අධ්‍යාපනය පිළිබඳව සිසුන් දැනුවත් කිරීම සඳහා විෂය මාලා ඒකක ඇතුළත් කළ යුතු බවයි.