Colombo Today Local News

මිල වැඩි නොකළොත් තෙල් දෙන්නේ අත්‍යවශ්‍ය සේවාවන්ට පමණයි – ඛනිජ තෙල් සංස්ථාව කියයි

ඉන්ධන මිල වැඩි නොකළහොත් විදුලි බලාගාර, දුම්රිය, මගී බස්රථ හා ති‍්‍රවිධ හමුදාව, පොලිසිය ඇතුළු අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ඉන්ධන ලබාදීමේ තීරණයකට යන බව ලංකා ඛනිජ තෙල් සංස්ථා සභාපති නීතිඥ සුමිත් විජේසිංහ මහතා ප්‍රධාන පුවත් පතකට සදහන් කර ඇත.

මේ වනවිට අලෙවි කරන සෑම ඞීසල් ලීටරයකින් රුපියල් පනහක් ද, පෙට‍්‍රල් ලීටරයකින් රුපියල් 17 ක් ද වශයෙන් සංස්ථාවට පාඩුවක් සිදුවන බවද ඒ මහතා පවසයි.

ඒ අනුව සංස්ථාව දිනකට රුපියල් කෝටි තුන්සිය හැටපහකට වැඩි පාඩුවක් ලබන බවත් ඉන්ධන මිල වැඩි නොකළහොත් ඉන්ධන මිලදී ගැනීමට අවශ්‍ය ඩොලර් වෙනුවෙන් ගෙවීමට රුපියල් එකතුකර ගැනීමට සංස්ථාවට නොහැකි වන බවත් සුමිත් විජේසිංහ මහතා පවසා ඇත.

එනිසා ඉන්ධන මිල ඉහළ දැමීම අත්‍යවශ්‍ය බවත් නොඑසේ නම් මේ මාසයේ ලබා තිබෙන පාඩුව වැඩි වී ආයතනය බරපතළ මූල්‍ය අර්බුදයකට යනු ඇති බවත් ඒ මහතා සඳහන් කර ඇත.

Related posts

සිරකරුවන් 600 කට ජනපති පොදු සමාව

colombotoday

අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 08 වැනි දිනය අද

Admin

නාවික හමුදාපති පියල් ද සිල්වා අද විශ්‍රාම යයි

colombotoday

පාස්කු ප්‍රහාරය ගැන ’’චැනල් 4’’ කළ හෙළිදරව්ව ගැන හොයන්න රජය සූදානම්

Admin

ජනපති මොරගහකන්ද හතර පාරක් විවෘත කරලා.. වහාම විගණන විමර්ශනයක් ඉල්ලයි…

colombotoday

හපුතලේ ප්‍රා සභා බලයත් එජාපයෙන් ගිලිහෙයි

colombotoday