ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන ලෙස රජයට බල කරමින් සර්වපාක්ෂික යුක්තිය සඳහා එකමුතුව පෙත්සමකට මහජන අත්සන් ලබාගැනීමේ දීප ව්‍යාප්ත වැඩපිළිවෙල අද(15)දින ආරම්භ විය.
එම වැඩපිළිවෙල යටතේ පෙත්සමට අත්සන් ලබාගැනීම කොළඹ කොටුවේදි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්. සුමන්තිරන්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනෝ ගනේෂන් හා නුවරඑළිය පාර්ලිමේන්තු මන්ත‍්‍රි රාධක‍්‍රිෂ්නන් මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ කෙටුවේදී ආරම්භ කෙරිණි.