Colombo Today Local News

ඉශාලිනීගේ මරණය සම්බන්ධයෙන් බදියුදීන්ට-බිරිඳට පනවා තිබු විදෙස් ගමන් තහනම ඉවතට

මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිලිස්සීමෙන් මියගිය බව කියන ජූඩ් කුමාර් ඉශාලිනී දැරියගේ සිද්ධිය සම්බන්ධයෙන් විදෙස් ගමන් තහනම් කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ සහ ඔහුගේ බිරිඳගේ විදෙස් ගමන් තහනම ලබන මැයි මස 24 වැනිදා තෙක් තාවකාලිකව ඉවත් කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය ඔවුන් දෙදෙනාට විදෙස් ගතවීමටඅද (09)දින අවසර ලබා දී තිබේ.

කටාර් රාජ්‍යයේ පැවැත්වෙන වැඩමුළුවකට සහභාගී වීම සදහා තම සේවාදායකින් දෙදෙනා සූදානම්ව සිටින බැවින් ඒ සදහා ඔවුන්ට පනවා ඇති විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කර දෙන ලෙසට සැකකරුවන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නිතීඥ අනිල් සිල්වා මහතා කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය මෙම අවසරය ලබා දී ඇත.

Related posts

අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වර්ජනයක්

Admin

මම ජනාධිපති වූ වහාම කරවල මිල අරක්කු මිල අඩු කරනවා

Admin

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් දිවයිනට

colombotoday

සුහද කොක්කු අමනාපෙන්.. රනිල් – අනුර ප්‍රබල ගැටුම්!

colombotoday

තණමල්විල ගංජා හේනක් වටලයි

Admin

අපේ සීමාව ඉක්මවලා ඉවරයි.. වහාම මැදිහත් වෙන්න – සම්බන්ධන් දකුණු අප්‍රිකාවෙන් ඉල්ලයි

colombotoday