අන්තර් ජාතික රතු කුරුස සහ රතු අඩසඳ සම්මේලනයේ මහලේකම් ජගාන් චැපගන්, අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ හමු වී තිබේ.
ඒ අරලියගහ මන්දිරයේ දී.
එහි දී කොරෝනා වසංගත අවස්ථාවේ දී මෙරටට ලබාදුන් මානුෂවාදී ආධාර උපකාර සම්බන්ධයෙන් අග්රාමාත්යවරයා මහලේකම්වරයාට සිය කෘතඥතාව පළ කළේය.
ලොව විශාලම මානුෂවාදී සංවිධානය වන අන්තර් ජාතික රතු කුරුස සහ රතු අඩසඳ සම්මේලනය රටවල් 192ක් පුරා විහිදී තිබේ.