Colombo Today Local News

පූර්ණ එන්නත්කරණයට ලක් නොවුවන්ට පොදු ස්ථානවලට ඇතුළු වීම සිමා කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

පූර්ණ එන්නත්කරණයට ලක්නොවූ පුද්ගලයින්‍ට පොදු ප්‍රවාහනය සහ පොදු ස්ථානවලට ඇතුළුවීම වළක්වාලමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ලබන අප්‍රේල් මස 30වන දින සිට බලපැවැත්වෙන පරිදි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් එම අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව සඳහන්ය.

ඒ අනුව පොදු ස්ථාන සහ පූර්ණ එන්නත්කරණ යන්නෙන් අදහස් කෙරෙන කරුණු පිළිබඳ පැහැදිලි කිරීමක් ඉදිරියේදී සිදුකිරීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ගැසට් නිවේදනයට අනුව පොදු ස්ථාන යන්නෙන් ගෙවීමක් සිදුකර හෝ ගෙවීමක් සිදුනොකර, ආරාධනයක් මත හෝ ආරාධනයක් නොමැතිව ජනතාවට ප්‍රවේශය සහිත යම් ස්ථානයක් හෝ පොදු ප්‍රවාහනයේදී භාවිත කරනු ලබන ප්‍රවාහන ක්‍රමයක් අදහස් කෙරෙයි.

නිසි බලධරයා විසින් නිදහස් කළ පුද්ගලයෙකු හැරුණුවිට සෙසු සියලුම පුද්ගලයින් කොවිඩ් -19 වෛරසයට එරෙහිව පූර්ණ එන්නත්කරණයට ලක්වී ඇති බවට වන සාධක නොමැතිව අදාළ ස්ථානවලට ඇතුළු නොවිය යුතු බව එම ගැසට් නිවේදනයේ දැක්වෙයි.

Related posts

රනිල් ලඟට ගිය පොහොට්ටුවන් අනාථයි

Admin

රාජිත හමාරයි, ඉහළ තැනකින් ඩීල් වමාරයි.. නැව් පිටින් ගිල්ල හැටි පත්තරේ විස්තරේ මෙහෙමයි

colombotoday

අතින් ‘කුඩු’ දමා පුද්ගලයන් උසාවි ගේන පොලිසියට වැඩ වරදී

colombotoday

ගම්පහ ආසාදිතය‍ෝ 185ක් දින ගණන් ගෙවල් වල

colombotoday

අධිකරණ නියෝගය නොතකමින්, රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය දිගටම වර්ජනයේ

colombotoday

සහරාන්ගේ දේශනවලට ගිය කාන්තාවන් අල්ලන්න පරීක්‍ෂණ

colombotoday