Colombo Today Local News

සැක සහිත මළ සිරුරක් මුහුදු වෙරලේ

වම් වැලිමිට සහ පපුවේ තැලීම් තුවාල සහිත පුද්ගල මළ සිරුරක් අද (04) උදෑසන හමුවූ බව පයාගල පොලිසිය පවසයි.

පයාගල, දළුවත්ත, ප්‍රගති මාවත අවසානයේ මුහුදු වෙරළේ වැටකෙයියා පඳුරක් අසල පුද්ගලයෙකු ඝාතනය කර ඇති බවට ලද තොරතුරක් මත පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

හදිසි මරණ පරීක්ෂක රෙජිනෝල්ඩ් හෙට්ටිආරච්චි මහතා පරික්ෂා කිරීමෙන් අනතුරුව මනුෂ්‍ය ඝාතනයක් බවට සැක පළ කරන බවත් , මහේස්ත්‍රාත් පරීක්ෂණයක් සිදුකල යුතු බවත් පයාගල පොලිසියට උපදෙස් දී ඇත.

පයාගල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.ඩී.ඒ.එස්.රණවීර මහතා ගේ ප්‍රධානත්වයෙන් අපරාධ අංශ නිලධාරීන් පරීක්ෂණ පවත්වති .

Related posts

ජනාධිපති කාර්යාලයේ ප්‍රවාහන ලොක්කාගෙන් සී.අයි.ඩීය ප්‍රශ්න කරයි

Admin

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙකුට කොරෝනා

colombotoday

හම්බන්තොට වරාය ගිවිසුම ගැන අධිකරණයෙන් තීන්දුවක්.. පෝර්ට් සිටියත් නවතී !!

colombotoday

ශ්‍රී ලංකාවේ අලි ඇතුන් ගැන ලබන වසරේදී සංගණනයක්

Admin

යාපනේ තවත් ඉඩම් කොටසකින් හමුදාව ඉවත් වෙයි

colombotoday

කොළඹ සරත් එක – විමල් දෙක

colombotoday