Colombo Today Local News

ඕමානයේ අතරමං වූ කාන්තාවන් 16 ක් නැවත දිවයිනට

සංචාරක වීසා යොදාගනිමින් ඕමානයේ ගෘහ සේවයට ගොස් සිටියදී විවිධ දුෂ්කරතාවලට පත්ව සිටි කාන්තාවන් පිරිසක් යළි දිවයිනට ගෙන්වාගැනීමට කටයුතු කළ බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

මෙම කණ්ඩායමට කාන්තාවන් 16 දෙනෙක් ඇතුළත්ව සිටිති.

විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපල විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාගේ මැදිහත්වීමෙන් එම කාන්තාවන් යළි ගෙන්වාගැනීමට කටයුතු කළ බව ද විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියයි.

මෙම කාන්තාවන් පිරිස විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි නොවී විදේශගතව ඇති අතර තැරැව්කරුවන් අදාල කාන්තාවන් බලහත්කාරයෙන් සේවයේ යොදවා පහරදීම්, අතවර කිරීම් සහ වැටුප් ලබා නොදීම ආදී ගැටළු හේතුවෙන් ඕමානයේ ශ්‍රී ලංකා ලංකා තානාපති කාර්යාලයට පැමිණ සිටි බවත් මැදපෙරදිග ගෘහ සේවයට යෑමේ නිසි වයස සම්පූර්ණ නොකළ කාන්තාවන් ද ඒ අතර සිටි බවත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

අදාල කාන්තාවන් සතුව විදේශ ගමන් බලපත්‍ර ද නොතිබීමෙන් තානාපති කාර්යාලය මැදිහත්ව තාවකාලික විදේශ ගමන් බලපත්‍ර සකස් කර නැවත ශ්‍රී ලංකාවට එවූ බවත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩි දුරටත් කියයි.

මෙම කාන්තාවන් නීති විරෝධී ලෙස විදේශ ගතකළ ජාවාරම්කරුවන් නීතිය හමුවට පැමිණවීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය විමර්ශන ආරම්භ කර තිබේ.

Related posts

ගංගාවක ජල සාම්පලවලින් කොවිඩ් 19 වයිරසය හමුවෙලා. | පරිසර අමාත්‍ය මහින්ද අමරවීරගෙන් මධ්‍යම පරිසර අධිකාරියට විශේෂ උපදෙස්

colombotoday

ඉන්දීය නාවික හමුදා සබ්මැරීනයක් කොළඹ වරායට

Admin

කටුගස්තර වෙඩි තැබීමේ වැඩිදුර විස්තර

Admin

ඉන්දියාවෙන් පැන ආ තවත් පවුලක් ගුරුනගර් වලදී අල්ලයි

colombotoday

අල කන්ටේනරයේ සගවා හෙරොයින් ගෙන්වූ මොහොමඩ් ජාන්ට මරණ දඩුවම !

colombotoday

යුක්‍රේන සංචාරකයින් පිරිසක් සීගිරියට ගිහින්.

colombotoday