Colombo Today Local News

බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී 12ක් රෝහලේ

හොරණ කොළඹ මාර්ගයේ කුඹුක හන්දියෙන් ඇඟලුම් කර්මාන්තශාලා සේවක සේවිකාවන් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් දොළොස් දෙනකු තුවාල ලබා ඇතැයි මොරගහහේන පොලිසිය කියයි.

ටිපර් රථයේ රියදුරු රථය තුල සිරවී සිට ඇති අතර ප්‍රදේශවාසීන් දැඩි පරිශ්‍රමයක් දරා පිටතට ගෙන රෝහල් ගත කර තිබූ බව පොලිසිය සඳහන් කරයි.

බුලත්සිංහල ප්‍රදේශයේ සිට ඇඟළුම් කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් පනස් දෙනකු පමණ පිරිසක් කහතුඩුව දක්වා ප්‍රවාහනය කරමින් සිටියදී කුඹුක හන්දියේ දී විරුද්ධ දිසාවෙන් පැමිණි ටිපර් රථයක් මැද දූපත හරහා ගොස් බස්රථයේ ඉදිරිපස වැදී මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි.

මේ හේතුවෙන් හොරණ කොළඹ මාර්ගයේ එක් මංතීරුවක් පැය එකහමාරකට අධික කාලයක් සම්පූර්ණයෙන්ම අවහිර වී තිබිණි.

ප්‍රදේශවාසීන් එක්ව රථ වාහන ඇසිරීමේ කටයුතු සිදුකරනු ලැබීය.

Related posts

ආර්ථිකය ගොඩ දාන අලුත් මුදල් ඇමති මෙන්න

Admin

බැදුම්කර අවසන් වාර්තාවටත් බාලගිරි දොස වැළදේ.. තව කල් යන ලකුණු !

colombotoday

කුසල්ට ඇප.. රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට නියෝග

colombotoday

“ලෝකෙම යාළුයි කීවට තවම පිච්චියක් දීල නෑ.. චීනෙට බැණ බැණ දැන් චීනේනම සල්ලි ඉල්ලනවා” – චන්ද්‍රසිරි ගජධීර

colombotoday

කුඩ්ඩා නැළවූ පෑළියගොඩ පොලිස් ලොක්කා දැලේ…

colombotoday

ඩෙංගු පරීක්ෂණ සඳහා අය කළ යුතු උපරිම මිල ගණන් දැක්වෙන විශේෂ ගැසට් නිවේදනයක්

colombotoday