Colombo Today Local News

එළැඹෙන දීර්ඝ සති අන්තයේ ප්‍රවේසම්වන්න – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ජනතාවගෙන් ඉල්ලයි

එළැඹෙන දීර්ඝ සති අන්තයේ ජනතාව ගැවසෙන ස්ථානවලට යාමේදී ප්‍රවේසම්වන ලෙස නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ඉල්ලා සිටී.

එහිදී සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන ලෙසද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් මහජනතාවගෙන් ඉල්ලා සිටී.

රටේම ජනතාව මෙවැනි දීර්ඝ නිවාඩු වලදී ගමන් යාමට පෙළඹෙන බැවින් හැකි තරම් නිස්කලංක තැනකට යාමටත්, අවධානමකට ලක්වීමෙන් වැළකීම සඳහා හැකිනම් ගමන් නොගිහින් සිටීමට උත්සාහ කරන ලෙසත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මෙරට මිලියන 15කට ආසන්න ප්‍රමාණයක් දෙවන මාත්‍රාව ලබාගෙන සිටියද, තවමත් තුන්වන මාත්‍රාව ලබාගෙන ඇත්තේ මිලියන 05ක් පමණකි.

තවත් මිලියන 10ක් එන්නත ලබාගැනීමට සිටින බවද ඒ මහතා අවධාරණය කර ඇත.

මේ අතර ඔමික්‍රෝන් වෛරස ප්‍රභේදයට එරෙහිව නිපදවන බූස්ටර් එන්නත පිළිබඳව ලොව පුරා බොහෝ කරුණු සාකච්ඡා වන බවද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

මෙරට සෞඛ්‍ය අංශ ඒ පිළිබදව විමසිල්ලෙන් පසුවන බවත් පැහැදිළි තොරතුරක් ලැබුණු වහාම ඒ පිළිබඳ කටයුතු කරන බවත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

Related posts

බස් වර්ජන අඛණ්ඩව – දුම්රිය වර්ජනය අතහරියි

colombotoday

දෙහිවල මුහුදේසිටි පුද්ගලයෙක් කිඹුලෙකුට බිලි වෙයි

colombotoday

“රණවිරු සටන පාවාදීමට රාජිත-සජිත්ගෙන් අල්ලස්…” හංස වේදිකාවට නැග්ග ආබාධිත රණවිරුවා නැවත හැරෙයි… සියල්ල හෙළිකරයි

colombotoday

පාර්ලිමේන්තුව වාර අවසාන වීමෙන් කාරක සභා 11 ක් අහෝසියි

colombotoday

හිජාස් හිස්බුලා වෙනුවෙන් දඟලන පුලන්නන්ට කන හරහාම දෙයි. දේශප්‍රේමී නීතිඥවරුන් 216 ක් නීතිඥ සංගමයේ සභාපතිට ලියයි.

colombotoday

රාජ්‍ය දේපළ අවභාවිතා කල මිරිස්කුඩු ප්‍රසන්නගේ පුත්‍රයාට එරෙහිව සී.අයි.ඩි.යට පැමිණිල්ලක්

colombotoday