Colombo Today Local News

මහවැලි ගඟේ නන්නාදුනන කාන්තාවකගේ මළ සිරුරක්

ගම්පොළ ඉල්වතුර ප්‍රදේශයේ මහවැලි ගඟේ තිබි මියගිය කාන්තාවකගේ මළ සිරුරක් සොයාගෙන තිබේ.

මියගිය කාන්තාවගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු කරගෙන නොමැති බව පොලිසිය පවසයි.

එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 50ක් – 55ක් පමණ වයසැති කාන්තාවකි.

එම කාන්තාවගේ බවට සැකකෙරෙන අත්බෑගයක් ද ගඟ අසල වැටී තිබී ඇති අතර, එහි තිබී රුපියල් 15,000කට ආසන්න මුදලක් හා ඖෂධ කිහිපයක් ද සොයාගෙන තිබේ.

එම ස්ථානයට පැමිණි ගම්පොළ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්සිරි ප්‍රනාන්දු මහතා පවසා සිටියේ, අවට පොලිස් ස්ථානවලට එම කාන්තාවගේ විස්තර පිළිබඳ පණිවුඩ යවා ඇති අතර, වැඩිදුර විමර්ශන සිදුකරන බවය.

මෘත ශරීරය ගම්පොළ රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති අතර ගම්පොළ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරේ.

Related posts

වෛද්‍ය පැතුම් කර්නර්ට ඇප

colombotoday

ලෝක වෙළෙඳපලේ රන් මිල පහළට

colombotoday

යල් පැන්න බන්ධනාගාර පනත් සංශෝධනයට පියවර

Admin

ඉන්ධන මිල අඩු කලා වගේ ආහාර මිලත් අඩු කරනවා

Admin

නව ජන වරමකට අවස්ථාව ලබා දිය යුතුයි – අනුර පාර්ලිමේන්තුවේදී කියයි

colombotoday

අතේ පත්තු වුන ජනාධිපති ගෝඨාභය ඝාතනය කිරීමේ කුමන්ත්‍රණය – විශේෂ අනාවරණය

colombotoday