Colombo Today Local News

බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා ගත් සංඛ්‍යාව මිලියන 5 ඉක්මවයි

ෆයිසර් බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා ගත් මෙරට පුද්ගලයින් සංඛ්‍යාව මිලියන 5 ඉක්මවා ගොස් තිබේ.

ඒ ඊයේ දිනයේදී එන්නත් මාත්‍රා 30,253 ක් ලබා දීමත් සමගයි.

ඔමික්‍රොන් කොවිඩ් ව්‍යාප්තිය හමුවේ බුස්ටර් එන්නත කඩිනමින් ලබා ගන්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවට දැනුම් දෙයි.

මේ අතර මෙරට දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ යළි 900 සීමාව ඉක්මවා ගියේ ය.

විදෙස්ගතව පැමිණි 05 දෙනෙකු සමග එලෙස හඳුනා ගත් නව ආසාදිතයින් සංඛ්‍යාව 927 කි.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 604, 581 කි.

කොවිඩ් ආසාදිතව පුද්ගලයින් 15 346 දෙනෙකු මිය ගොස් ඇති අතර සුවය ලැබු ආසාදිතයින් සංඛ්‍යාව සටහන් වන්නේ 576 781 ක් ලෙසයි.

ආසාදිතයින් 12,454 දෙනෙකු මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටී.

Related posts

තරුණයෙක් ගල් කොරියේ ලෝඩර් යන්ත්‍රයට යට වි මරුට

Admin

ගෑස් මිල ඉහළ යන ලකුණු

Admin

ත්‍රස්තවාදය පරාජය කළ බව අද බොහෝ අයට අමතක වෙලා… කොටි සැකකරුවන් මුදා හැරීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් !

colombotoday

නව ඇමැතිවරුන්ගේ ගැසට්ටුව නිකුත් වෙයි

colombotoday

මාස 6ක් අත්‍යවශ්‍ය භාණ්ඩ 15කට ස්ථාවර මිලක්

colombotoday

රටවල් 7ක සංචාරකයින්ට Free visa

Admin