World

ලෝක බලවතාගෙන්, ජනපති පුටින්ට අනතුරු ඇගවීමක්

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් රුසියානු ජනාධිපති පුටින් වෙත අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ.

මාධ්‍යවෙත අදහස් දක්වමින් ඇමෙරිකානු ජනාධිපතිවරයා පවසා ඇත්තේ රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කළහොත් එය දෙවන ලෝක යුද්දයෙන් පසු සිදුවන විශාලතම ආක්‍රමණය බවය.

එවැනි ආක්‍රමණයක් සිදුවුවහොත් රුසියානු ජනපතිවරයා වෙත පෞද්ගලික සම්බාධක පැනවීමට සිදුවිය හැකි බවද ඇමෙරිකානු ජනපතිවරයා ප්‍රකාශ කර ඇත.

මේ අතර යුක්‍රේන රජය මෙහෙයවීම සඳහා මොස්කව් හිතවාදී පාලකයෙකු ස්ථාපනය කිරීමේ කුමන්ත්‍රණයක් පිළිබඳව බ්‍රිතාන්‍ය මීට පෙර අනතුරු ඇඟවීමක් සිදුකරනු ලැබීය.

හිටපු යුක්‍රේන පාර්ලිමේන්තු මන්ත්‍රී යෙව්න් මුරායෙව් මේ සඳහා යොදාගැනීමට රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් පියවර ගනිමින් සිටින බව බ්‍රිතාන්‍ය විදේශ ලේකම්වරයා ප්‍රකාශ කර තිබේ.

රුසියාව, ආක්‍රමණශීලී සහ වැරදි තොරතුරු මත පදනම් වූ ක්‍රියා අවසන් කර රාජ්‍ය තාන්ත්‍රික මාවතක් අනුගමනය කළ යුතු බව බ්‍රිතාන්‍යය විදේශ ලේකම්වරයා නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දී ඇත.

යුක්‍රේනයේ දේශසීමා ආසන්නයට හමුදා භටයන් ලක්ෂයක් ගෙන ගොස් ඇති නමුත් තමන් ආක්‍රමණයක් සැලසුම් කරන බව රුසියාව ප්‍රතික්ෂේප කර තිබේ.

Related posts

ඇමරිකාවේ බලය ට්‍රම්ප්ගෙන් ජෝ බයිඩන්ට.

colombotoday

මහමත් මුණුබුරා වෙනුවෙන් තම දරුවන්ගේ ලේ හලන අෂුරා උත්සවය මුස්ලිම් භක්තිකයන් සමරයි – Video

colombotoday

ට්‍රම්ප් කොරෝනා වෛරස් පරීක්ෂණයට ලක්වෙලා

colombotoday

ඇෆ්ඝනිස්තානයේ ජලාලාබාද් නගරයේදී තරුණියන් තිදෙනෙකු වෙඩිතබා ඝාතනය කරලා

colombotoday

ගූගල් සමාගමෙන් රුසියාවට තහනමක්

colombotoday

අමෙරිකාවෙ පැයකට කොරෝනා ආසාදිතයන් 2600ක්

colombotoday