Colombo Today Local Newsfeatured

උලමා සංවිධානය විසින් ෂරියා නීතිය යටතේ මරා දැමීමට ෆත්වා නිකුත්කළ සුෆි නායකයා ඥානසාර හිමි බැහැ දකියි.

ශ්‍රී ලංකා සුෆී උලමා සභාවේ සභාපති, ඒ. අබ්දුල් රවුෆ් මිස්බාහි බහ්ජි තුමා ඇතුළු පිරිසක් ඊයේ (21)වැනි දා පෙරවරුවේ දී එක රටක් එක නීතියක් සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන්ද්‍රයන් වහන්සේ බැබැහැ දකින ලදි.

එහිදී සිංහල මුස්ලිම් සහ බෞද්ධ ඉස්ලාම් සහජීවනය මෙන්ම ශ්‍රී ලංකාවේ අන්තර් ආගමික සහජීවනය පිළිබඳව ගත යුතු ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කෙරිණි.

තවද ශ්‍රී ලාංකේය සාම්ප්‍රදායික සුෆි මුස්ලිම් ප්‍රජාවට වහබ්වාදීන්ගෙන් විඳීමට සිදුව තිබෙන ගැහැට ගැන කරුණු ඉදිරිපත් කිරීම සහ ඒ පිළිබඳව ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග ගැනද මෙහිදී සාකච්ඡා කෙරිණි.

1979 වසරේදී සමස්ත ලංකා ජමයතුල් උලමා සභාව විසින් ශ්‍රී ලංකා සුෆී උලමා සභාවේ සභාපති, ඒ. අබ්දුල් රවුෆ් මිස්බාහි බහ්ජි තුමා සහ ඔහුගේ අනුගාමිකයන් ඉස්ලාමය හැරගිය බවත් ෂරියා නීතිය යටතේ ඔවුන් මරා දැමිය යුතු බවත් සඳහන් කරමින් “ෆත්වා” ආගමික ආඥ්ඥාවක් නිකුත් කර ඇති බවට කරුණු වාර්තා වෙයි.

Related posts

ඇඳිරිය කඩ කළ 664ක් අත්අඩංගුවට

colombotoday

විදුලි බිලෙහි සංශෝධනයක්

Admin

සපුගස්කන්ද තෙල් පිරිපහදුව 15 වැනිදා යලි අරඔයි

colombotoday

මන්නාරම සමූහ මිනිවලේ අස්ථි සාම්පල වාර්තාවේ ඇතැම් කරුණු පිළිගත නොහැකියි – මහාචාර්ය රාජ් සෝමදේව

colombotoday

අයිස් සමග සැකකරුවන් 3 ක් දැලේ

colombotoday

සීතාවක පොඩ්ඩාගේ සමීපතමයින් දෙදෙනෙකු අවිස්සාවේල්ලේදී අත්අඩංගුවට

colombotoday