Colombo Today Local News

හොර රහසේ තරුණියන්ගේ කොණ්ඩ කපා එකතු කල අයෙක් කොටු

තරුණියන්ගේ සහ කාන්තාවන්ගේ කොණ්ඩා හොර රහසේම කපන පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම පුද්ගලයා පසුගිය දිනෙක බස් රථයක ගමන් කළ පාසල් සිසුවියන් දෙදෙනෙකුගේ කොණ්ඩය කපා දමා ඇති බව පොලීසිය පවසයි.

බණ්ඩාරවෙල හීල්ඔය ප්‍රදේශ‌යේදී මෙම සිදුවීමට මුහුණ දුන් එක් සිසුවියක් සිය පියාට දැනුම්දීමෙන් පසු සැකකරු අල්ලා ගැනීමට හැකි වී තිබුණි.

සැකකරු 33 හැවිරිදි ඌව පරණගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

මේ සම්බන්ධයෙන් සැකකරුගෙන් පොලීසිය සිදුකළ ප්‍රශ්න කිරීම්වලදි අනාවරණය වී ඇත්තේ එම පුද්ගලයා සිසුවියන් සහ කාන්තාවන් රැසකගේ කොණ්ඩා කපා ඇති බවයි.

සැකකරුගේ බෑගයක් තුළ තිබී එලෙස කපන ලද කොණ්ඩා ද පොලීසිය විසින් සොයාගෙන තිබේ.

මොහුගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදි ඔහු පවසා ඇත්තේ තමන්ගේ ආශාවට එලෙස සිදුකළ බවයි.

Related posts

ජාතික ආණ්ඩුවකට නැවතත් සාකච්ඡා… ද්‍රවිඩ සන්ධානයත් සහයට…

colombotoday

වැල්ලම්පිටිය ගින්නෙන් පරිප්පු ගබඩාවට හානියක් නෑ

colombotoday

දළදා නාමය විකුණා මුදල් ගැරීමේ ජාවාරමක් ගැන දියවඩන නිළමේගෙන් පණිවුඩයක්

colombotoday

ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ට කොටි ත්‍රස්‌ත ප්‍රහාරය එල්ල වී වසර තිස්‌තුනයි

colombotoday

ධර්මාලෝකයේ හෙළදිව එකළුකළ මහින්දාගමනය

colombotoday

ශ්‍රී ලංකන්, සෞදි චීන ගමන් නවතයි !

colombotoday