Colombo Today Local News

ශිෂ්‍යත්ව උපකාරක පන්ති අනිද්දා රැයින් පසු තහනම්

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළව උපකාරක පංති, දේශන සහ සම්මන්ත්‍රණ පැවැත්වීම ආදි ක්‍රියාකාරකම් රැසක් අනිද්දා (18) මධ්‍යම රාත්‍රියේ සිට තහනම් යැයි විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

අපොස උසස් පෙළ විභාගයට අදාල උපකාරක පංති, දේශන සහ සම්මන්ත්‍රණ පෙබරවාරි මස 1 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට තහනම් බව ද එම දෙපාර්තමේන්තුව තව දුරටත් කියයි.

ඉහත විභාග සඳහා අනුමාන ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම හෝ ඒවා බෙදාහැරීම, විභාග ප්‍රශ්න පත්‍ර ලබාදෙන බවට හෝ ඒවාට සමාන ප්‍රශ්න ලබාදෙන බවට පෝස්ටර් ඇලවීම, බැනර්, අත්පත්‍රිකා විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍යයෙන් ප්‍රසිද්ධ කිරීම හෝ එවැනි දෑ ළග තබාගැනීම තහනම් බව ද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එවැනි නීති විරෝධී ක්‍රියා සිදුවේ නම් 0112421111 (පොලිස් මූලස්ථානය), 119 (පොලිස් හදිසි ඇමතුම් අංකය), 1911 (විභාග දෙපාර්තමේන්තුවේ ක්ෂණීක ඇමතුම් අංකය), 0112785211 හෝ 0112785212 (විභාග කොමසාරිස් ජනරාල් කාර්යාලය) සහ 0112784208 හෝ 0112784537 (පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව) යන දුරකථනවලට දැනුම් දෙන ලෙස විභාග දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Related posts

සරණ ගුණවර්ධන වැරදිකරු කරමින් සිර දඬුවම් නියම කෙරේ !

colombotoday

රටපුරා වෛද්‍යවරු අද වර්ජණයේ…

colombotoday

“වැටුප අත්හිටුවන කිව්ව කොල්ලුරේ ට සිදුවුනේ තනතුර අහිමි වීම… වෘත්තීය අරගලය නව මානයකින් ආරම්භ කරනවා”

colombotoday

කොළඹදී සෞඛ්‍ය නීති කඩ කරන්නන්ට ඇන්ටිජන් පරීක්ෂණ

colombotoday

පොහොට්ටුවේ ත්‍රි‘මල මන්ත්‍රීගේ සහයත් රනිල්ට

Admin

කුලියට ගත් වාහන ව්‍යාජ ලේඛන සකසා විකුණලා

Admin