පෝට් සිටි ව්‍යාපෘතිය සමඟ ශ්‍රී ලංකාව ඉදිරියට යාමට බලාපොරොත්තු වන බවත් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට චීන ආයෝජකයින්ට ආරාධනා කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාපවසයි.
ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවට සහභාගි වී සිටින ඒ මහතා මාධ්‍ය හමුවකදී මේ බව පවසා සිටී.
ශ්‍රී ලංකාවේ සිංහල හෝ දෙමළ දේශපාලන සිරකරුවන් නොමැති බවද අග්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
බොහෝ දෙනෙකු අධිකරණ ක්‍රියාවලියකින් පසුව නිදහස් කරලීමට හැකිවූ බවත්, මේ වෙද්දී ශ්‍රී ලංකාවේ පවතින්නේ ආර්ථික, සමාජීය හා දේශපාලනික වශයෙන් පවතින්නේද ඉතාම සාමකාමී වාතාවරණයක් බව හෙතෙම පෙන්වා දුන්නේය.