Colombo Today Local News

දුම්රිය ධාවනය යලි යථා තත්ත්වයට

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වර්ජනය අත්හිටුවීමත් සමග අද(15)දිනයේ සිට සාමාන්‍ය පරිදි දුම්රිය ධාවන කටයුතු සිදු කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ප්‍රකාශ කරයි.

වර්ජනය ඊයේ(14) පස්වරුවේ අවසන් කිරීමත් සමග ඒ මොහොතේ සිටම දුම්රිය ස්ථානාධිපතිවරුන් සේවයට වාර්තා කර තිබූ බවද ඔහු පවසයි.

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් පසුගිය 12 වන දා මධ්‍යම රාත්‍රියේ හදිසි වර්ජනයක් ආරම්භ කළ දුම්රිය ස්ථානාධිපතිවරුන්, පෙරේ දා මැදියම් රැයෙන් එය අවසන් කළ අතර, ඊයේ සාමාන්‍ය පරිදි දුම්රිය ධාවන කටයුතුවලට විය.

එහෙත් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ උපසභාපතිවරයාගේ සේවය අත්හිටුවීමට සාමාන්‍යාධිකාරීවරයා ගත් තීරණයට මෙන්ම, වර්ජනය අතරතුර ස්ථානාධිපතිවරුන් එන්ජින් රියදුරන්ට පහරදුන් බව කියන සිද්ධියට අදාළ ව සිදු කරන ලද පැමිණිල්ලට විරෝධය දක්වමින් ඊයේ දහවල් යළිත් ඔවුන් වර්ජනයකට යොමුවිය.

කෙසේ වෙතත් ස්ථානාධිපති සංගමයේ උපසභාපතිවරයා යළි සේවයේ ස්ථාපිත කිරීම හේතුවෙන් දුම්රිය ස්ථානාධිපතිවරුන් ආරම්භ කළ වර්ජනය ඊයේ පස්වරුවේ අත්හිටවනු ලැබීය

Related posts

හපුතලේ – වැලිමඩ මාර්ගයේ නායයෑමක්

Admin

මගේ ඥාතීන්ට, හිතවතුන්ට හෝ ආධාරකරුවන්ට ණය දෙන්නැයි මා කිසි විටෙක බැංකු වලට කියා නෑ

colombotoday

උදය ගම්මන්පිල අත්අඩංගුවට ගනී !

colombotoday

මැතිවරණ කොමිසම පාර්ලිමේන්තුවට කැඳවීම නතර කළ යුතුයි – අනුර කුමාර දිසානායක

Admin

වයඹ හරක්ට තහනමක්

Admin

ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් වහාම ක්‍රියාත්මක වන්න. යල කන්න මඟ හරින්න එපා – ජනපති නිලධාරීන්ට කියයි

colombotoday