රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ථෙරවාදී භික්ෂු කථිකාවත් පන සම්බන්ධයෙන් ස්වාධීන භික්ෂු එකමුතුව ඊයේ සම්බන්ත්‍රණයක් සංවිධානය කර තිබුණා.
එහිදී අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියෙ රතන හිමියන් පැවසුවේ මෙම පනත සම්මත වුවහොත් නිකායන් තිස් ගණනකට බෙදී සිටින මෙරට සංඝ සංස්ථාව නැවත කිසිදිනෙක එක් කල නොහැකි වනු ඇති බවයි.
මෙම පනත සම්මත කිරීම වෙනුවට කල යුතුව ඇත්තේ මහනායක හිමිවරුන් එක් වී සියළු නිකායික භික්‍ෂුන් වහන්සේලාට නිකාය බේදය අතහැර දමා සමඟි වන්න යයි ඉල්ලා සිටීම බවයි.
සුළු ප‍්‍රශ්ණ බේරා ගැනීම සඳහා සංඝාධිකරණයක් පිහිටුවීම පමණක් සෑහෙන බවද එහිමියෝ වැඩිදුරටත් කියා සිටියහ.