World

බයිඩ්න්‌‌ගේ ‌කොවිඩ් නීතියක් එරට ‌ශ්‍රේෂ්ඨාධිකරණය අත්හිටුවයි

අමෙරිකානු ජනාධිති ජෝ බයිඩ්න් කර්මාන්ත ශාලා සේවකයින්ට පනවා තිබූ කොවිඩ් නීතියක්, එරට ශ්‍රේෂ්ඨාධිකරණය අත්හිටුවා තිබේ.

එම නීතියට අනුව කර්මාන්ත ශාලා සේවකයින් එන්නත් ලබා ගැනීම, මුව ආවරණ පැළදීම හා සතිපතා කොවිඩ් පරීක්ෂාවන්ට ලක්වීම අනිවාර්ය විය.

එය බලපැවැත්වීමට නම් අවම වශයෙන් කර්මාන්ත ශාලාවක සේවකයින් 100 දෙනෙකු සිටිය යුතු වේ.

නව නීතිය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය පැවසුවේ, ජෝ බයිඩ්න් සිය අධිකාරිමය බලය ඉක්මවා ගොස් ඇති බවය.

කෙසේ වෙතත් නව නීතිය එරට කොවිඩ් වසංගතය පාලනය සඳහා උපකාරී වනු ඇතැයි, අමෙරිකානු රජය ප්‍රකාශ කළේ ය.

Related posts

2023 නොබෙල් සාම ත්‍යාගය නර්ගීස් මොහොමාඩීට

Admin

වහාම ඉන්දියාවෙන් පිටවන්නැයි අමෙරිකානුවන්ට එක්සත් ජනපද රජය දන්වයි

colombotoday

රුසියානු අගමැතිටත් කොරෝනා

colombotoday

මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කරනවා : ඉන්දියාවට අල් කයිඩාව අනතුරු අඟවයි

colombotoday

විශ්වයෙන් එකම ආකාරයට යළි යළි ලැබෙන අබිරහස් සංඥාවක්

colombotoday

නව වසර ඉතාමත් දුෂ්කරයි

Admin