Uncategorized

ඉවත් කළ ලිට්‍රෝ සභාපති යළිත් පත්කරයි

ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා අද පෙරවරුවේ එම ධුරයෙන් ඉවත් කර පැයකට පමණ පසුව නැවත පත් කරනු ලැබීය.

තෙශාර ජයසිංහ මහතා ලිට්ට්‍රෝ සමාගමේ සභාපති ධුරයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කරනු ලැබූ බවත්, නව සභාපතිවරයා ලෙස රේණුක පෙරේරා මහතා පත් කරන බවත් සදහන් කරමින් මුදල් අමාත්‍යංශයේ ලේකම් එස් ආර් ආටිගල මහතා විසින් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව වෙත ලිපියකින් දැනුම් දෙනු ලැබීය.

ඔහු සභාපති ධුරයෙන් පමණක් නොව ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ධුරයෙන්ද ඉවත් කළ බව එම ලිපියේ සඳහන්ව තිබිණි.

ජයසිංහ මහතා ලිට්ට්‍රෝ සභාපති ධුරයෙන් ඉවත් කිරීම ජනාධිපතිවරයාවරයාගේ සහ මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව සිදුව ඇති අතර නැවත ඔහු පත්කිරීම ද ඔවුන් දෙදෙනාගේ උපදෙස් මත සිදු වූ බව වාර්තා වේ.

මේ අතර, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කෙරවලපිටියේ පිහිටි ලිට්රෝ සමාගමේ කර්මාන්තශාලාව නිරීක්ෂණය කිරීමට ඊයේ පෙරවරුවේ එහි ගිය අවස්ථාවේ සභාපති තෙෂාර ජයසිංහ මහතා ද පැමිණ සිටි අතර, එහිදී ජනාධිපතිවරයා තෙෂාර ජයසිංහ මහතා සභාපති ධුරයෙන් ඉවත් කිරීමේ ලිපිය ඉවත් කරගන්නා ලෙස මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට ද දැනුම් දුන් බව වාර්තා විය.

ඒ අනුව තුෂාර ජයසිංහ මහතා සභාපති ධුරයෙන් ඉවත් කර පැයකට පමණ පසුව මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ඔහු නැවත එම තනතුරට පත් කර ඇත.

Related posts

සුළු කාලයකට හෝ වාසනාවකට 2015 ජනවාරි 8 වන දා මේ ආණ්ඩුව වෙනස්වුණේ.. මම කවදාවත් කරණම් ගැහුවේ නෑ. ශ්‍රීලනිපයෙන් ගියෙත් මාව යවපු නිසා .- මංගල

colombotoday

යාපනය ‘ලංකා’ සිතියමෙන් මැකීයන දිනය ළගයි?

colombotoday

ජලාශ කිහිපයක වාන් දොටු අරී

colombotoday

ඒකාබද්ධ විපක්ෂයේ රැලියට සන්ධාන මන්ත්‍රීවරු 32 ක්

colombotoday

හැටන් ප්‍රධාන කාන්තා පාසලක නේවාසිකාගාරයක සිසුවියන් 20 ක් ඇතුළු පිරිසක් නිරෝධායනයට.

colombotoday

ජනපති ජාතිය ඇමතීම අද රාත්‍රී 8.30 ට

colombotoday