Colombo Today Local News

ශ්‍රී ලංකා මහ බැංකුවේ රත්‍රන් සංචිතය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව එහි රත්‍රන් සංචිත විකුණා ඩොලර් ලබාගෙන ඇති බවට විවිධ පාර්ශ්ව වෙතින් චෝදනා එල්ල විණි.

ඒ සම්බන්ධයෙන් තොරතුරු මහ බැංකු දත්තවලට අනුව මෙසේය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල සංචිත වත්කම් තුළ රත්‍රන් වල වටිනාකම ද අන්තර්ගත වෙයි.

එම රන් සංචිතයේ වටිනාකම පසුගිය 2021 දෙසැම්බර් මාසය තුළ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 206.8 කින් පහළ ගොස් තිබේ.

2021 නොවැම්බර් අවසානයේ දී රන් සංචිතයේ වටිනාකම ඩොලර් මිලියන 382.2 ක් ලෙසින් සටහන්ව ඇති අතර එය 2021 දෙසැම්බර් මාසය අවසානයේ දී ඩොලර් මිලියන 175.4 ක් දක්වා ඒ අනුව අඩු වී ඇත.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන 1.588 සිට ඩොලර් බිලියන 3.137 ක් දක්වා පසුගිය දෙසැම්බර් මාසය තුළ දී වැඩි වී තිබේ.

එහිදී විදෙස් මුදල් සංචිතය ඩොලර් බිලියන 1.014 සිට ඩොලර් බිලියන 2.770 ක් දක්වා වර්ධනය වී ඇත.

Related posts

ජෝසප් පරරාජසිංගම් ඝාතන සිද්ධියෙන් පිල්ලයාන් නිදහස් කරයි

colombotoday

දරුවෙකු ලිංගික අපයෝජනයට ලක් කළ අනුරාධපුර පොලීසියේ සැරයන්වරයෙකු අත්අඩංගුවට.

colombotoday

ප්‍රදේශ කිහිපයකට හෙට ජල කප්පාදුවක්

Admin

අද මධ්‍යම රාත්‍රියේ සිට බස්නාහිර පළාතේ ත්‍රීරෝද රථ ගාස්තු පහළට

Admin

මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොළඹ කාර්යාල නැවත දැනුම්දෙන තුරු වසා දමයි

colombotoday

මහින්දානන්ද, නලීන් – ඊළඟට ජොනී?

Admin