Colombo Today Local News

ත‍්‍රස්ත මර්දන පනත යටතේ උසාවියට නොපමුණුවා අත්අඩංගුවට ගැනීමට විධායකයට බලය දෙනු එපා – නීතිඥ සංගමයෙන් විදේශ ඇමැතිට ලිපියක්

ත‍්‍රස්තවාදී ක‍්‍රියාවලට සම්බන්ධ නැති අය අත්අඩංගුවට ගැනීම සඳහා විධායකයට බලය ලැබෙන ත‍්‍රස්ත මර්දන පනතේ වගන්ති සංශෝධනය කිරීම හෝ අහෝසි කිරීමට කටයුතු කළ යුතු යැයි ශ‍්‍රී ලංකා නීතිඥ සංගමය රජයට යෝජනා කර ඇත. විදේශ කටයුතු ඇමැති ජී. එල්. පීරිස් මහතා වෙත ලිපියක් යවමින් ශ‍්‍රී ලංකා නීතිඥ සංගමය ත‍්‍රස්ත මර්දන පණතේ වගන්ති කීපයක් සංශෝධනය කිරීමේ අවශ්‍යතාවය පෙන්නුම් කර තිබේ.

මේ හැර පැය 72 ක කාලයකට රැඳවුම්භාරයේ සිටින අයකුගේ කාලසීමාව ඉන්මවීමෙන් පසු මහෙස්ත‍්‍රාත්වරයකු හමුවට පමුණුවන්නේ නැතිව රැඳවුම් කාලය දීර්ඝ නොකළ යුතු බවද නීතිඥ සංගමය ත‍්‍රස්ත මර්දන පනතට අදාළ වගන්ති ගැන සිය නිරීක්‍ෂණ ඉදිරිපත් කරමින් තවදුරටත් දන්වා ඇත.

ත‍්‍රස්ත මර්දන පනත යටතේ රැඳවුම්භාරයේ සිටින රැඳවියන් ගැන අධිකරණ නිරීක්‍ෂණයක් සිදු වී නැතැයි කියා සිටින නීතිඥ සංගමය වරෙන්තුවකින් තොරව අත්අඩංගුවට ගැනීමට හෝ පරීක්‍ෂා කිරීම සඳහා විධායකයට ලැබෙන බලය දැක්වෙන වගන්තිද අහෝසි කළ යුතු බව කියා සිටී.

ශ‍්‍රී ලංකා නීතිඥ සංගමයේ ලේකම් රජිව් අමරසූරිය සහ සභාපති සාලිය පීරිස් යන මහත්වරු මෙම නිර්දේශ ඉදිරිපත් කර ඇත. මේ හැර සැකකරුවකු රඳවා ගැනීම සඳහා ආරක්‍ෂක ලේකම්වරයාට ඇති බලය සංශෝධනය කළ යුතු අතර එය කළ යුත්තේ නීතිපති උපදෙස් මත මහාධිකරණය විසින් බවද නීතිඥ සංගමයේ නිර්දේශවල වැඩිදුරටත් සඳහන් කර ඇත.

Related posts

බබ්බුන්ට රට පාලනය කරන්න බෑ

Admin

ඉතාලි නෞකාවේ සිටි ශ්‍රී ලාංකිකයා නාවික හමුදාව මුදවා ගනියි.

colombotoday

ඉස්ලාමය වැළඳගත් භික්ෂූන් හරහා අබ්දුල් රාසික්ට පන්සල් දස දහසකට බෝම්බ යැවීය හැකියි – රිෂාම් මරූස්ගෙන් හෙළිදරව්වක්

colombotoday

සිය බිරිද ඝාතනයට වසර14 කට පසු හිමිවූ මරණ දඬුවම

Admin

ගෝඨා ඉල්ලේ. වයිට් වෑන් ඉල්ලේ. – රනිල්ගෙ අලුත්ම එක මෙන්න

colombotoday

හිටපු ජනපති මහින්ද මට ටෙලිෆොන් කරනව.. එක එක වැඩ කියනවා.. ඒවත් මම කරල දෙනව

colombotoday