Colombo Today Local News

සංවර්ධනය සඳහා වූ සෞදි අරමුදලේ ප්‍රධාන විධායක සහ අගමැති අතර හමුවක්

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ සංවර්ධනය සඳහා වූ සෞදි අරමුදලේ ප්‍රධාන විධායක නිලධාරී සුල්තාන් අබ්දුල් රහ්මන් මහතා අතර හමවුක් ඊයේ (29)දින පැවැත්විණ.

ඒ අරලිගයගහ මන්දිරයේදීයි.

ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා සෞදි රජය ලබාදෙන සහය පිළිබඳව මෙම හමුවේදී අග්‍රාම්‍රාත්‍යවරයා සිහිපත් කර තිබේ.

සෞදි අරාබි රජය මෙරට සිදුකරන සංවර්ධන ව්‍යාපෘති රැසකටම ණය සහ ආධාර මුදල් ලබාදී තිබේ.

මේ අතර සෞදි අරමුදලේ ප්‍රධාන විධායක නිලධාරී ඇතුළු පිරිසක් ඊයේ ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ද හමුවී තිබේ.

එහිදි මෙරට සංවර්ධන ව්‍යාපෘති සඳහා සෞදි අරමුදලේ දායකත්වය ලබාගැනීමට ඇති හැකියව පිළිබඳව සාකච්ඡා කර තිබේ.

Related posts

ඉන්ධන සහනාධාර ලැබෙන තෙක් පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත් වෙයි

colombotoday

IMF ණය සහනය ගැන Fitch Ratings සහ චීනයෙන් ප්‍රතිචාර

colombotoday

විමල්-උදය අයින් කළහම තුන්වැනියා ඉබේම යයි කියලා හිතුවා

colombotoday

විල්පත්තු සංහාරය තවදුරටත් – අක්කර 175ක් පලතුරු වගා සමාගමකට

colombotoday

කුවේට්හීදි කතක් මිය යයි – ඇය හඳුනනවානම් ඉක්මණින් දැනුම් දෙන්න

Admin

වටවල මවුන්ජින්වත්ත හුදකලා කෙරේ

colombotoday