World

ප්‍රවෘත්ති ආයතනයක මාධ්‍යවේදීන් හය දෙනෙකු පොලිස් අත්අඩංගුවට

හොංකොංහි ප්‍රවෘත්ති ආයතනයක මාධ්‍යවේදීන් හය දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

“ද්‍රෝහී ප්‍රකාශන ප්‍රකාශයට පත් කිරීමට කුමන්ත්‍රණය කිරීම” සම්බන්ධයෙන් හොංකොං පොලිසිය ස්වාධීන ප්‍රවෘත්ති ආයතනයකින් පුද්ගලයින් හය දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන බවයි සඳහන් වන්නේ.

ප්‍රවෘත්ති කාර්යාලය වැටලීම සඳහා පොලිස් නිලධාරීන් 200 කට වැඩි පිරිසක් යොදවා තිබේ.

පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් කියා තිබෙන්නේ “අදාළ කරුණු සෙවීමට සහ අත්අඩංගුවට ගැනීමට” ඔවුන්ට බලය ඇති බවයි.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර පිරිමි තිදෙනෙකු සහ කාන්තාවන් තිදෙනෙකු වේ.

මොවුන් අවුරුදු 34 ත් 73 ත් අතර වයස්වල පසුවන්නන් බවයි සඳහන් වන්නේ.

Related posts

ඉතාලියේ හිටපු අග්‍රාමාත්‍ය සිල්වියෝ බර්ලුස්කෝනි මිය යයි

Admin

ලෝක ළමා පිළිකා රෝගී දිනය අද

Admin

ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 34 ඉක්මවයි

colombotoday

කොවිඩ් -19 මුස්ලිම් ලෝකයට එරෙහි ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්. එවැනි වෛරසයක් නෑ. | නඩුවක් දැමූ අසාර් අබ්බාස්ට දඩ.

colombotoday

රුසියාවෙන් යුක්‍රේන ධාන්‍ය වරායකට ප්‍රහාර

Admin

ශ්‍රී දේවී යළි නොඑයි..

colombotoday