සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව සංවිධාන කරන එළිමහන් සංගීත ප්‍රසංගවල ශබ්ද විකාශන බලපත්‍ර ලබාදීමට පොලිස්පතිවරයා උපදෙස් ලබාදී තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, සියලු පොලිස් ස්ථාන ඒ අනුව කටයුතු කරනු ඇති බවයි.
මේ අතර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනතුරු අඟවන්නේ, උත්සව සමයේ නිසි සෞඛ්‍ය උපදෙස් පිළි නොපැද්ද හොත් ඉදිරි සති කිහිපයේ බරපතළ අර්බුදකාරි තත්ත්වයක් ඇතිවිය හැකි බවයි.