Colombo Today Local News

තෙල් දුම්රිය ගමන් වාර හතරක් අවලංගුයි

දුම්රිය ස්ථානාධිපතිවරු තෙල් ප්‍රවාහන රාජකාරිවලින් ඉවත්වීමෙන් මේ දක්වා තෙල් දුම්රිය ගමන් වාර හතරක් අවලංගු කිරීමට සිදුවූ බවත් එයින් දුම්රිය දෙපාර්තමේන්තුවට විශාල මූල්‍ය පාඩුවක් වූ බවත් දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පවසයි.

කොළඹ සිට මඩකළපුව, අනුරාධපුර, පේරාදෙණිය සහ ගාල්ල යන ගමනාන්නතයන් දක්වා ධාවනය වීමට නියමිතව තිබූ තෙල් දුම්රිය හතරක් අවංගු කළ බව පැවසූ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා දුම්රිය දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා ඉන්ධන සැපයුමෙන් සියයට 30 ත් 40 ත් අතර ප්‍රමාණයක් ප්‍රවාහනය කරන බව ද සදහන් කරයි.

සීදුව සිට ත්‍රිකුණාමලය දක්වා භාණ්ඩ ප්‍රවාහනය කරන දුම්රිය සහ කන්ටේනර් ප්‍රවාහන දුම්රිය ද වර්ජනය හේතුවෙන් අවලංගු කිරීමට සිදුවූ බව ද ධම්මික ජයසුන්දර මහතා වැඩි දුරටත් සදහන් කර සිටි.

Related posts

සෞඛ්‍ය වැඩවර්ජනය හෙට අවසන්

Admin

අල්-කුරානයේ ප්‍රචණ්ඩකාරී කොටස් ඉවත් කරන්න – හිටපු මුස්ලිම්වරු උලමා සංවිධානයෙන් ඉල්ලයි

colombotoday

අයවැය විවාදයට පාර්ලිමේන්තුව රැස් වෙන්න කෝටි 20ක් ගිහින්

Admin

කුරුණෑගල මවුවරුන්ට කොළඹ ජාතික රෝහලේ දී සිදුකිරීමට ගිය පැලෝපීය නාළ පරීක්‍ෂාව විනිසුරු අත්හිටුවයි!

colombotoday

පාසල් ළමුන්ට ෆයිසර් එන්නත ලබාදීමට රජය තීරණයි

colombotoday

හිටපු ජනපති මුස්ලිම් නියෝජිතයන් සමග විශේෂ සාකච්ඡාවක්

colombotoday