Colombo Today Local News

වික්ටෝරියා ජලාශයේ නාඳුනන මළ සිරුරක්

වික්ටෝරියා ජලාශයේ ගුරුදෙණිය ප්‍රදේශයේ තිබී නාඳුනන පිරිමි මළ සිරුරක් සොයා ගෙන තිබේ.

ලද තොරතුරක් අනුව මළ සිරුර සොයා ගත් බව පොලීසිය සඳහන් කරයි.

මළ සිරුර මාළු සපා කෑම හේතුවෙන් හඳුනා ගැනීමට අපහසුතාවක් ඇතැයි පොලීසිය පවසයි.

මහනුවර ජාතික රෝහලේදී මළ සිරුර පිළිබද පශ්චාත් මරණ පරික්ෂණය අද පැවැත්වීමට නියමිත ය.

තලාතුඔය පොලීසිය සිද්ධිය සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related posts

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

colombotoday

බොර පොල්තෙල් කන්ටේනර් 6ක් නැව්ගත කරයි

colombotoday

අන්තරේ කැඳවුම්කරු සහ ජපුර සභාපති ඇතුළු පහක් අත්අඩංගුවට

colombotoday

ඩල්ජිත් අලුවිහාරේ මාතලේ නගරාධිපති ධුරයෙන් ඉවතට

colombotoday

ක්‍රිකට් ලෝලීන් නැවතත් කුපිත වෙයි.. පල්ලෙකැලේ පිටියට බෝතල්වලින් පහර දෙයි (Video)

colombotoday

නාවික හමුදාපති රුවන් විජයවර්ධන හමුවෙයි

Admin