Colombo Today Sports News

ජීවන් මෙන්ඩිස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ජීවන් මෙන්ඩිස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සිය සමුගැනීම සනිටුහන් කර ඇති බව වාර්තා වේ.

2010 වසරේ ජාත්‍යන්තර වරම් හිමිකර ගත් ජීවන් මෙන්ඩිස් එක්දින ජාත්‍යන්තර තරග 58කට සහභාගී වී කඩුලු 28ක් සහ ලකුණු 636 ක් ලබාගෙන තිබේ.

20 යි 20 ජාත්‍යන්තර තරග 22 කට සහභාගී වී ඇති ජීවන් මෙන්ඩින් කඩුලු 12ක් සහ ලකුණු 207ක් රැස් කරගැනීමට සමත් විය.

අවසන් වරට ඔහු ජාත්‍යන්තර එක්දින තරගයකට සහභාගී වී ඇත්තේ 2019 වසරේ ජුනි මාසයේ දකුණු අප්‍රිකාව සමග පැවති තරගයකටය.

Related posts

අවිශ්කගේ සුපිරි පිතිහරඹයෙන් ජැෆ්නා ස්ටැලියොන්ස් ජය හිමිකර ගනී

colombotoday

අවසන් T20 තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 23ක පරාජයක්

colombotoday

එළැඹෙන ජනවාරියේ සිට වනිඳු යළිත් පිටියට

Admin

කාසියේ වාසිය දිනූ එංගලන්තය පළමුව පන්දුවට පහරදෙයි

Admin

ශ්‍රී ලංකාව අසීරු අඩියක…

colombotoday

අකිලගේ දග පන්දුවට ICCයෙන් තහංචියක්

colombotoday