Colombo Today Local News

ගෑස් කාන්දුවක ගින්නකින් කුකුළු ගොවිපොළක පැටවු 3000ක් මරුට

පන්නල පොලිස් වසමට අයත් පල්ලෙගම එලිබිච්චිය ප‍්‍රදේශයේ කුකුඵ ගොවිපොළක අද අලුයම ඇතිවූ ගෑස් කාන්දුවක් හේතුවෙන් සිදුවූ ගිණිගැනීමකින් කුකුඵ පැටවුන් 3000 ආසන්න සංඛ්‍යාවක් මියගොස් ඇති බව පන්නල පොලීසිය කියයි.

මීගමුව ප‍්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකුට අයත් අක්කර 17 ක පමණ භූමි භාගයක පිහිටි මෙම කුකුඵ ගොවිපොළ තුල කුකුඵ පැටවුන් තිස්පන්දහසක් සිටිය හැකි ශාලා හතක් ඇති බවත් ඉන් එක් ශාලාවක් මෙසේ ගිණිගෙන ඇති බවත් පොලීසිය පවසයි.

කුකුඵ පැටවුන්ට අවශ්‍ය උණුසුම් ගතිය ඇතිකිරීම සඳහා නල මාර්ගයෙන් කිලෝ ග‍්‍රෑම් 37.5 ලිට්ට්‍රෝ වර්ගයේ ගෑස් සිළින්ඩර් තුනක් මෙම ශාලා තුළ සවිකර ඇති අතර ඉන් එක් ගෑස් ටැංකියක ඇතිවූ කාන්දුවක් හේතුවෙන් මෙම ගිණිගැනීම සිදුවන්නට ඇති බව පොලීසිය සැක කරයි.

Related posts

ත්‍රිපිටකය ලෝක උරුමයක් කිරිමේ යෝජනාව 23දා යුනෙස්කෝවට…

colombotoday

හකීම්ගේ සහ බදුර්දින්ගේ ජාතිවාදයට එරෙහිව “මුස්ලිම් හඩ” සංවිධානයෙන් මාධ්‍ය හමුවක්

colombotoday

කොරෝනා මර්දනයට ජනපති නියමයෙන් තීරණ රැසක්

colombotoday

රට විවෘත කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කෙරෙමින් පවතී

colombotoday

තඹ කම්හලේ ත්‍රස්ත සැකකරුවන්ට ඇප ලැබුණේ පොලිසියේ දෝෂයකින් !!!

colombotoday

ඉන්ධන පිරවුම්හලේ පෝලිමක තවත් මරණයක්

colombotoday